Ads 468x60px

.

මහින්ද මෛත්‍රී හා අපේ පව


ජනපති සටනක උණුසුම දැනෙමින් තිබේ. එකට සිටි මිතුරන් දෙදෙනෙකු විරසක වී එකිනෙකාට අභියෝග කරමින් සිටී. අපි ඔවුන් දෙදෙනාටම සුභ පතන්නෙමු. අපිට පැවසීමට ඇත්තේ එය නොව. ජනපති සටන හරහා මහා සංඝරත්නයටත් චීවරයටත් අතිශය නිගරු කරමින් අප විසින් සිදු කරගන්නා පාපය පිළිබඳවයි...

කෙටියෙන් පවසනවානම් එය මෙසේය. හෙල උරුමයේ පූජ්‍ය අතුරලියේ රතන හිමි මෛත්‍රීපාල මහතාට සහය දෙන බවත්, බොදු බල සේනාවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මහින්ද මහතාට සහය දෙන බවත් අපි දනිමු. දැන් සිදු වී ඇත්තේ කුමක්ද? 

මහින්ද මහතාගේ පාක්ෂිකයින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ටත්, මෛත්‍රීපාල මහතාගේ පාක්ෂිකයින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර
හිමියන්ටත් තදින් අපහාස කරනු අප දකිමු. සැබවින්ම එය ශෝචනීය තත්වයකි. තමන්ට කැමති මතයක් දැරීමේ නිදහස ගිහියන්ට මෙන්ම පැවිදි උතුමන්ටද ඇත්තෝය. 

නමුදු කිසිදු අයුරකින් පැවිදි උතුමන්ට නිග්‍රහ කිරීමට හීන වූ ගිහියන්ට අයිතියක් හෝ හැකියාවක් නොමැති බව කිව යුතුය. යම් අයුරකින් එසේ නිග්‍රහ කරයි නම් එය බුද්ධාදී මහා සංඝරත්නයටම සිදුකරන අපහාසයක් සේම මහා සාවද්‍ය පාපයක්ද වනු ඇත. කල්ප ගණනාවකින්වත් එය ගෙවා නිම කිරීමටද නොහැකි වනු ඇත. එය තරයේ සිහි තබාගෙන බුද්ධිමත්ව ඔබේ මතය ලෝකයට ඉදිරිපත් කරන්න.

සටහන හා අදහස - නිවෙමු විසිනි
 
Related Posts with Thumbnails