Ads 468x60px

.

අනියම් පෙම්වතුන් වී වස පානය කර මියගිය තරුණිය.


අනියම් පෙම්වතුන් යුවළක් යාපනය චාවකච්චේරි, කච්චායි ප‍්‍රදේශයේ කෝවිලක් තුළදි වස පානය කිරීම හේතුවෙන් අදාළ කාන්තාව මියගොස් ඇති බවට යාපනය, චාවකච්චේරි පොලිසිය පවසනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ වස පානය කළ 23 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති අතර, වස පානය කිරීමෙන් බරපතල තත්වයේ පසුවන 45 හැවිරිදි පුද්ගලයෙකු යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවයි.

අනියම් පෙම්වතුන් කෝවිල තුළ වස පානය කොට සිටින ආකාරය ප‍්‍රදේශ වාසීන් දැක ඇති
තිබෙනවා. පසුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව අදාළ කාන්තාව හා පිරිමි පුද්ගලයා රෝහල් ගත කොට ඇති අතර
, රෝහල් ගත කරන අවස්ථාවේ අදාළ කාන්තාව මියගොස් සිට ඇති බව පරීක්ෂණයන්ගෙන් අනාවරණය වි තිබෙනවා.

බරපතල තත්වයේ පසුවන පිරිමි පුද්ගලයා යාපනය කොඩිකාමම් ප‍්‍රදේශයේ පදිංචි සිවිදරු පියෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
 
Related Posts with Thumbnails