Ads 468x60px

.

වාහන ආදායම් බලපත්‍ර ගාස්‌තුව ගෙවීම, ක්‍රෙඩිට්‌ කාඩ්පතින් හෝ ජංගම දුරකථනයෙන්


වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදී එම මුදල් ගෙවීම් පළමු වරට ක්‍රෙඩිට්‌ කාඩ් සහ ජංගම දුරකථනය ඔස්‌සේ සිදු කිරීමට පහසුකම් සලසා ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම සේවාව පළමුවෙන් දකුණු පළාතෙන් ආරම්භ කරන්නට සුදානම් කර ඇති බවයි.


ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසන පරිදි වාහන ආදායම් බලපත්‍රය අන්තර්ජාලය ඔස්‌සේ ලබා ගැනීමේ
පහසුකමද මේ සමගම දකුණු පළාතට හඳුන්වා දීමට නියමිතයි. 

මෙම පළාතේ ලියාපදිංචි වාහන හිමිකරුවෙකුට සිය වාහන ආදායම් බල පත්‍රය පළාතේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගැනීමේ පහසුකම මේ වන විට ලැබී තිබෙන අතර මෙම නව පහසුකම හඳුන්වා දීමත් සමගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණ ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදීත් ඉහත සඳහන් ක්‍රමවේද ඔස්‌සේ මුදල් ගෙවීම් කිරීමට හැකිවීම විශේෂත්වයක්‌ බවද එම නියෝජිතායතනය පවසයි.

අන්තර්ජාලය ඔස්‌සේ මෙම සේවාව ලබාදීම බස්‌නාහිර පළාතෙන් ප්‍රථමයෙන් ආරම්භ කෙරුණු අතර එහි සාර්ථකත්වය මත මෙය දකුණු පළාතට ද හඳුන්වාදීමට පියවර ගත් බව නියෝජිතායතනය පවසයි. 


මෙම 2014 වසරේදී මේ වන විට බස්‌නාහිර පළාත තුළ අන්තර්ජාලය ඔස්‌සේ වාහන ආදායම් බලපත්‍ර මිලියනයක්‌ පමණ නිකුත් කර තිබේ.

අන්තර්ජාලය ඔස්‌සේ අඅඅගිරසක්‌බන් සහ අඅඅගටදඩගකන වෙබ් අඩවිවලට පිවිසීමෙන් මෙම පහසුකම ලබා ගැනීමට හැකිවේ. ගාල්ල ලබුදූව දක්‍ෂිණපාය අමාත්‍යාංශ සංකීර්ණයේදී අද (2 දා) මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
 
Related Posts with Thumbnails