Ads 468x60px

.

විමල්ට එරෙහිව අල්ලස් කොමිසමට නාමල් කල පැමිණිල්ල


ජාතික නිදහස් පෙරමුණේ නායක සහ ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට විරුද්ධව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට ඊයේ (14) පෙරවරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

වීරවංශ මහතා අමාත්‍ය ධුරය දරන ලද කාලය තුළ අයථා අන්දමින් දේපළ රැස්කර තිබෙන බව සඳහන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත්

කළේ අපේ ජාතික පෙරමුණේ ජනාධිපතිවරණයට තරග කළ නීතිඥ නාමල් රාජපක්ෂ මහතාය.

කඩුවෙල ප්‍රදේශයේ අති සුඛෝපභෝගී නිවාස 2 ක් ඉදිකිරීම, එම ප්‍රදේශයෙන් ඉඩම් කිහිපයක් ලබාගැනීම, වීරවංශ මහතාගේ බිරිඳ විසින් මහාපරිමාණයෙන් දේපළ රැස් කිරීම ආදිය පිළිබඳව සොයා බලන්නැයි ඉල්ලා මෙසේ පැමිණිලි කර තිබෙනවා. 


ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී තම වැටුපත් පක්ෂ අරමුදලට ලබාදුන් වීරවංශ මහතා ඇමති ධූරයක් ලබාගෙන මෙතරම් කෙටි කලකින් මේතරම් ධනයක් රැස්කර ගත් ආකාරය පිළිබදව ඔහු ප‍්‍රශ්න කර සිටියා.
 
Related Posts with Thumbnails