Ads 468x60px

.

හිටපු ජනපතිගේ පරාජයෙන් වැඩිපුරම දුක්වූ කලාකරුවා.


පසුගිය ජනපතිවරණ සමයේ කලාකරුවන්ද ජනාධිපතිවරණ අපේක්ෂක යන් දෙදෙනා දිනවීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කළා. ඒ අතර ඉරාජ් වීරරත්න විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යලි බලයට පත්කිරීම සඳහා ලක්ෂ හයකට අධික රසික පිරිසක් සිටින ෆේස් බුක්
ගිණුම ඔස්සේ සිදුකළ ප්‍රචාරණය බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.

කෙසේ නමුත් ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමත් සමග ඉරාජ් විසින් ජනපතිට සහය දුන් සියලු ෆේස්බුක් පෝස්ට් ඉවත් කිරීමට කටයුතු යොදා තිබුණා. 


ඉරාජ් සංගීතඥයෙකු ලෙස සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සිදුකළ දේශපාලන ප්‍රචාරයන් බොහෝ ෆේස්බුක් පරිශීලකයන්ගේ අප්‍රසාදයට ලක්වූ අතර මෙතෙක් කල් ඒ සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කළ ඉරාජ් අද දිනයේ පුවත් පතකට පවසා ඇත්තේ තමාට බනින එකත් එක්තරා "පබ්ලිසිටි" එකක් බවයි. 

හිටපු ජනපතිවරයා පරාජය වීමෙන් අනතුරුව වැඩිපුරම දුක්වූ කලාකරුවා තමා බවත් දේශපාලනය සම්බන්ධ පෝස්ට් ෆේස්බුක් තුලින් ඉවත් කරනු ලැබුවේ එය සංගීත පිටුවක් ලෙස පවත්වාගෙන යාමට බවත් ඉරාජ් විසින් ප්‍රකාශ කොට තිබුණා.
 
Related Posts with Thumbnails