Ads 468x60px

.

මෙච්චර කල් දේශපාලනේ කළා. පළවෙනි වතාවට තමයි අපේ ගෙදර සර්ච් කළේ - (වීඩියෝ)


දේශපාලන පළිගැනීම් වැළැක්වීමට වහාම කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මහ නුවරදී අස්ගිරි - මල්වතු මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව
මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

දළදා සමිඳුන් වැඳපුදාගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මහ නාහිමිවරුන් බැහැදැකීමට පැමිණි අතර එම අවස්ථාවට දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මෙන්ම ලොහාන් රත්වත්ත, දිලූම් අමුණුගම යන
පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ද එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ තමන්ට ඡන්දය ලබාදුන් ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටින බවයි. පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනපති ඔහුගේ නිවස පරික්ෂා කිරීම ගැන මෙලෙස අදහස් ප්‍රකාශ කළා.

"1931 වසරේ සිටම අපේ පරම්පරාව දේශපාලනය කළා.නමුත් ප්‍රථම වතාවට තමයි අපේ ගෙදර පරික්ෂා කළේ.පරික්ෂා කරලා හමුවුණු දෙයක් නැහැ. මේ අහිංසක ජනතාවට හිරිහැර නොකරයි කියා අපි බලාපොරොත්තු වෙනවා."

එහි හිරු වීඩියෝව පහතින්...

 
Related Posts with Thumbnails