Ads 468x60px

.

නවක වදය ලිපිය ගැන කොමෙන්ට්


1) මීට වසර 2 පමණ පෙර ඔසී වල සිඩ්නි විශ්ව විද්‍යාලේ ඉගන ගන්න ශ්‍රී ලාංකික සිසු සිසුවියන් වගයක් එක්ක අපි පේරාදෙණි විශ්වවිද්‍යාලය බලන්න ගියා. එක ස්ටුඩන්ට් කෙනෙක් ගේ අන්කල් පේරා වල ප්‍රොෆෙසර් කෙනෙක් ඒ නිසා එයාවත් හම්බු වෙන්න ගියේ. 

එතන කෙල්ලෝ කීප දෙනෙකුත් හිටියා ලස්සනට ඩෙනිම් ජීන්ස් ඇඳලා , අපි යන කාලේ රැග් කාලේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ නවකයන් සෙරෙප්පු දාන්න ඕනේ නවක කෙල්ලෝ චීත්ත ගවුම් අඳින්න ඕනේ කියලා බලහත්කාරයක් තිබුනා. 

ඔසී වල සිඩ්නි විශ්ව විද්‍යාලේ ඉගන ගන්න ලංකාවේ කෙල්ලෝ මේ විකාර අසහන වැඩ ගැන දැනගෙන හිටියේ නැහැ, උන් ඔස්ට්‍රේලියා වල වගේ නිදහසේ පේරාදෙණි විශ්වවිද්‍යාලය ඇතුලේ ඉංග්‍රීසියෙන් කතා කර කර හිටියා. එතකොට කාලකන්නි පෙනුම තියන , මුණ මරුමුස් ,
කිලුටුවට ඇඳගෙන හිගන්නෝ වගේ සෙට් එකක් ලං වෙලා …ස් ස් ස් ගෑවා , සමහරු අර ඔසී කෙල්ලන්ට ඇහෙන්න සිංහල කුණුහරප කිව්වා , පස්සේ බලනකොට මේ අසහන සෙට් එක අන්තරේ පොරවල් වගයක්.

ලංකාවේ විශ්ව විද්‍යාලයක මේ විදියේ පහත් කල්චර් එකක් තියෙන්නේ කියලා ඔසී සෙට් එක දැනගත්තේ එදා, උන් බය උනා, උන්ට හිතාගන්න බැරී උනා විශ්ව විද්‍යාලයක මේවගේ දෙයක් වෙයි කියලා. කට්ටිය ඉක්මනටම පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් අවා , එදා තමයි තේරුනේ ලංකාවේ විශ්වවිද්‍යාල වල ඉන්නේ කිසිම ශිෂ්ඨ බවක් නැති රීළා මොටයි කියලා. 

මේවගේ දේවල් කවදාවත් බටහිර විශ්ව විද්‍යාල වල වෙන්නේ නැහැ. උන් මාර කල්චඩ් , ලංකාවේ යුනිවල වගේ අපිරිසිදු කැන්ටින් , කෑ ගහන රන්ඩුවෙන කුණුහරප කියන බයියෝ නැහැ, එහෙ තියෙන්නේ පිරිසිදු කැෆටෙරියා ඒවා වල ළමයි කෙනෙක් තව කෙනෙක්ට ඇනයක් , වාතයක් නොවෙන විදියට කනවා, සාමිචියේ යෙදෙනවා , ලැප්ටොප් ගෙනල්ල වැඩ කරගන්නවා. 

ලංකාවේ විශ්ව විද්‍යාල වල එවුන්ට නායකත්ව පුහුණුව නෙවෙයි කරන්න ඕනේ, මැගිල් , සයිමන් ෆ්රේසර් , මොනෑෂ් , යුනි ඔෆ් ක්වින් , යුනි ඔෆ් සරේ වගේ විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය ජීවිතය වීඩියෝ කරලා පලවන දවසේ පෙන්නනන ඕනේ බලාගනියව් දියුණු කල්චඩ් පිටරට විශ්ව විද්‍යාල වල ස්ටුඩන්ට්ලා හැසිරෙන , කන බොන විදිය කියලා , 

ඒ වගේම ඔය දියුණු විශ්ව විද්‍යාල වල ඉගන ගන්න ශ්‍රී ලාංකික ස්ටුඩන්ට්ලා එහෙම වරින් වර ගෙන්වලා මේ ඉන්න බයියන්ට පොඩි ප්‍රසන්ටේෂන් කරන්න ඕනේ ලෝකේ ගැන දැනගන්න. , මම එස් බි නම් කරන්නේ මේකයි. නැතුව මේ ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉන්න රීළා මොටයි නවීන ලෝකයට අනුරුපිව හදාගන්න මේ කපේදිවත් බැහැ .

2)  ලංකාවේ විශ්ව විද්‍යාල ????? ඕවත් විශ්ව විද්‍යාලද බං , උඹලා පිටරට දියුණු විශ්ව විද්‍යාලයකට (නිකන් බලන්න හෝ ) ගිය දවසට තේරෙයි ලංකාවේ විශ්ව විද්‍යාල කියන්නේ මීහරක් ගාල් කියලා , ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ එකිනෙකාට රෙස්පෙක්ට් කරන්නේ නැහැ, අනික් එකාගේ අයිතීන් ගැන සලකන්නේ නැහැ, හැසිරෙන්න දන්නේ නැහැ ,

වැද්දෝ වගේ , කැන්ටිමකට ගිහිල්ල බලපන් මුන්ගේ මැනර්ස් , දැක්කම වමනෙට එනවා, ඒ වගේම ලංකාවේ ලේක්චරයෝ බොරුවට ඇඳගෙන ඉන්නවා ඒ උනාට ඇතුල පුස් , උන්ට පරීක්ෂණ පත්‍රිකාවක් වත් කරගන්න බැහැ , පිටරට යුනියක ප්‍රොපෙක් එක්ක කතා කරලා බලපන් උන් සිම්පල්, දැනුමෙන් පිරිපුන් සහ හරිම මානුෂිකයි.

මේ ලින්ක් එක බලපන් වෙනස තේරෙයි (මේ මට්ටමට ලංකාවේ විශ්ව විද්‍යාල එන්න තව වසර 200 වත් යයි.)

 
Related Posts with Thumbnails