Ads 468x60px

.

චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනෙන් අයින් වුනේ කැමැත්තෙන් නෙමෙයි - නිරෝෂන්


කලා ලොවේ තරු, ප්‍රේක්ෂක ආලින්දයට රැගෙන එන “චැට් ඇන්ඩ් මියුසික්” වැඩසටහන ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වන ප්‍රකට වින්දනාත්මක වැඩසටනකි. 

වසර කිහිපයක පටන් “චැට් ඇන්ඩ් මියුසික්” මෙහෙයවූ නිරෝෂන් ප්‍රේමරත්න එම වැඩසටහන නිසාවෙන්ම රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය නමක් දිනා සිටි බව රහසක් නොවේ. කෙසේ නමුත්, ඔහු මේ වන විට “චැට් ඇන්ඩ් මියුසික්” වැඩසටහනෙන් දකින්නට ලැබෙන්නේ නැත.

ඇයි ඔබ චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනෙන් හදිසියේම ඉවත් වුණේ ?
මම කැමැත්තෙන් ඉවත් වුණේ නැහැ. චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනට සහ ප්‍රවෘත්ති ප්‍රකාශයට මගේ දායකත්වය තවදුරටත් අවශ්‍ය නැහැ කියලා

ස්වාධීන රූපවාහිනියේ නිෂ්පාදන අංශයෙන් මට දැනුම් දුන්නා.

හේතුව මොකක්ද?
ඒක නම් මම දන්නේ නැහැ. මම අහන්න ගියෙත් නැහැ.

ඒ දැනුම් දීම ඔබට ලැබුණේ ආණ්ඩු මාරු වීමෙන් පසුවද?
ඔව්. පසුගිය 9 වැනිදායින් පස්සෙයි මට ඒ බව දැනුම් දුන්නේ.

ඒ කියන්නේ මේක රජය වෙනස්වීමත් සමග ගෙන තිබෙන තීරණයක්ද?
ඔව්. මම හිතන්නේ එහෙම වෙන්න ඇති.

චැට් ඇන්ඩ් මියුසික් වැටසටහන කොපමණ කාලයක් මෙහෙය වූවාද?
අවුරුදු 8ක්.

ඔබ ස්වාධීන රූපාවාහිනියේ ස්ථිර සේවකයෙක් ‍නෙවෙයිද?
නැහැ. මීට අවුරුදු 2කට කලින්. මම ස්ථිර සේවයෙන් ඉවත්වෙලා නිදහස් මාධ්‍යවේදියකු විදියටයි කටයුතු කළේ. මම දැන් තවදුරටත් ස්වාධීන රූපවාහිනියේ සේවකයෙක් ‍නෙවෙයි.

ස්වාධීන රූපවාහිනියෙන් ඉවත් වීමෙන් පසුව ඔබේ මාධ්‍ය ජීවිතය මොනවගේ වේවිද?
ආයතන කිහිපයකින් මේ වන විට මට ආරාධනා කරලා තියෙනවා. ඒ ගැන තවම තීරණයක් අරගෙන නැහැ.
 
Related Posts with Thumbnails