Ads 468x60px

.

මෛත්‍රී දිනුවාට භාරයක් ඔප්පු කරන්න මහපාරේ බඩගාන තරුණයා


මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරන ලෙස දෙවියන් වෙත කර තිබූ භාරයක් ඔප්පු කිරීමට ආනමඩුව නාගවිල ප‍්‍රදේශයේ තරුණයෙකු කටයුතු කර තිබෙනවා. 

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ නාගවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සරත් කුමාර නමැති මෙම පුද්ගලයා ආනමඩුව සේරුකැලේ ගම්මානයේ පිහිටි අයියනායක දේවාලය වෙත
ගොස් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් භාරයක් වී ඇති බවයි.

ඒ, මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කළහොත් කිලෝමීටර් 3ක දුරක් මහමග බඩගාගෙන පැමිණ දෙවියන්ට ස්තූති කරන බව පවසමින්. ඒ අනුව ඔහු ඊයේ පස්වරු 5.00ට පමණ සේරුකැලේ සේවා ස්ථානය අසල සිට මහමග බඩගාගෙන පැමිණ සිය භාරය ඔප්පු කර තිබෙනවා.

රාත‍්‍රී 8.30 පමණ වන විට ඔහු අයියනායක දේවාලය වෙත පැමිණ භාරය ඔප්පු කරන ආකාරය දැකබලා ගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි
අය පැවසුවා.





 
Related Posts with Thumbnails