Ads 468x60px

.

උෟරු මස් එළු මස් කුකුළු මස් ඉස්සෝ කකුළුවෝ දැල්ලෝ මාළු ඔළු සමඟ සමන්ත භද්‍ර හිමි පන්සල ඇතුළේ උපන් දිනය සැමරූ හැටි (පින්තුර)


උයලා තියෙන්නෙත් ආශ්‍රමය ඇතුළෙමයි... 
දානය අතරතුර කේක් එකකුත් කපලා...

පිටිදුවේ සිරිධම්ම හිමි හෙවත් අරහත් සිරි සමන්තභද්‍ර හිමි පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ හිමි නමකි. උන් වහන්සේගේ 40 වන ජන්ම දින සැමරුම බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයේදී ඊයේ (24දා) පැවැත්වුණා.

එය දානමය පූණ්‍යකර්මයක් යැයි පැවැසුවද සැබැවින්ම එය සාදයක සිරි ගත් අයුරු අපට දැකිය හැකි වුණා. උෟරු මස්, එළු මස්, කුකුළු මස්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් සමඟ ප්‍රණීත දානයක් එහි වැඩම කළ

භික්ෂුන් වහන්සේටත්, උපන් දින උත්සවයට පැමිණි අයටත් දිවා ආහාරය පිණිස ලැබුණා. 

ස්වාමීන් වහන්සේ වැඩ සිටින ස්ථානයට ගොස් දානය පූජා කිරීමේ ක්‍රමය එහිදී වෙනස් කර තිබුණා. ඒ වෙනුවට බුෆේ ක්‍රමයට තබා ඇති තැනට ගොස් ස්වාමීන් වහන්සේට දානය ලබා ගැනීමට සිදු වුණා.

සිරි සදහම් ආශ්‍රමයේම මස් මාළු බදිමින් දානයක් යැයි පවසමින් පැවැත්වූ සාදයට ආහාර සැකැසුණු අතර සුදු පැහැති මලකින් හිස සරසාගත් කතුන් විසින් දන් පිළිගන්වනු
ලැබුණා.

මුහුදක් මත රැඳුණු හක්ගෙඩියක ස්වරූපයක් ගත් උපන් දින කේක් ගෙඩිය කපනු ලැබුවේ එදිරිසිංහ සමූහ ව්‍යාපාරයේ සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මිය විසිනුයි. ස්වාමීන් වහන්සේ දානය වළඳන අතරතුර කේක් ගෙඩිය කැපූ අතර එය අතුරුපස වශයෙන් ස්වාමීන් වහන්සේට බෙදා දෙනු ලැබුණේ මියුරු සංගීත රටාවක් මධ්‍යයේය.


මේ උපන්දින සැමරුම අවස්ථාවේදී ගාල්ල විජයානන්ද පිරිවෙනේ අභිවෘද්ධිය වෙනුවෙන් සමන්තභද්‍ර හිමි විසින් රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමුවා. එම මුදල් බේරුතුඩුවේ ඥානවිසුද්ධි හිමියෝ විසින් භාර ගන්නා ලදී. ඥානවිසුද්ධි හිමියන් සිරි සමන්තභද්‍ර හිමියන්ගේ ගුරු ස්වාමීන් වහන්සේද වෙති.


A B C  mmmm
F G

426046_793459597407400_2587217993877672388_n 960299_793462244073802_649782877759801857_n 1450902_793457700740923_148705846130690193_n 10431476_793453474074679_7877175141579786482_n 10941311_793452130741480_4140361187903256213_n 10981196_793457614074265_4276850622206423330_n 10986903_793459680740725_2797665751506701346_n 10991410_793455737407786_605707971939044028_n 10994611_793453167408043_5769329590242558555_n 10997360_793467650739928_7303804657469306358_n 11002599_793457964074230_5497265508818527261_n 11002627_793461134073913_6568721069109004239_n 11002632_793461410740552_6826025525558237568_n 11006412_793465200740173_2166710061737258495_n 11013339_793452404074786_6886796040860637806_n 11016731_793453790741314_9116589142308267726_n 11021081_793451340741559_3506306882596474375_n 11022563_793457860740907_4388448558427142807_n 11023973_793465170740176_5696794994882364088_n 11025174_793458240740869_4083567324756473618_n

 
Related Posts with Thumbnails