Ads 468x60px

.

කවදාවත් දේශපාලනයට එන්නේ නෑ, ඉරිදා විශාල ගැටුමක්‌ බලාපොරොත්තු වන්න - සංගක්‌කාර


තමා දේශපාලනයට පිවිසෙන බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක්‌ නොමැති බවත් දැන් හෝ අනාගතයේදී හෝ දේශපාලනයට පිවිසීමට කිසිදු ආසාවක්‌ නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රවීණ ක්‍රීඩක කුමාර සංගක්‌කාර සිය ෆේස්‌බුක්‌ ගිණුමට පණිවිඩයක්‌ නිකුත් කරමින් කියා සිටී. 

එම ෆේස්‌බුක්‌ පණිවිඩය මෙසේය.

පසුගිය තරගයන් වෙනුවෙන් ලබාදුන් සහායට ඔබට ස්‌තුතියි. එය අපට හොඳ ජයග්‍රහණයක්‌. තිරිමාන්න කැපී පෙනෙන ඉණිමක්‌ ක්‍රීඩා කළා. මා දේශපාලනයට පිවිසෙන බවට නැවත වතාවක්‌ කටකතා පැතිර යමින් තිබෙනවා. මෙම කතා සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි. 

මම හැමදාම කියනවා වගේ දැන් හෝ අනාගතයේදී දේශපාලනයට පිවිසීමට මගේ කිසිදු ආසාවක්‌ නැහැ. කරුණාකර මේ කතා නොතකා හරින්න. ඉරිදා විශාල ගැටුමක්‌ බලාපොරොත්තු වන්න ඔබේ නිරන්තර සහයෝගයට ස්‌තුතියි.
 
Related Posts with Thumbnails