Ads 468x60px

.

කවුද මේ චන්දිකගේ අමුතු මුතු...?


චන්දික නානායක්කාරගේ විවාහය හැමෝටම ප්‍රශ්නයක්.. චන්දික විවාහ වෙයි ද ?නැත්තම් සදහටම තනිකඩව ඉදි ද ?? විවාහ වෙනවා නම් ඒ කා එක්ක ද ?? මෙහෙම ප්‍රශ්න හැමෝගෙම හිතේ නලියද්දි ඔන්න චන්දික මුතු කෙනෙක් එක්ක නිතරම දුරකථනයෙන් කතා කරනවා ලු.

" අනේ සොරි මුතු මම ශුට් එකේ හිටියේ.. "
" දැන් සනීප ද මුතු ?? "
" හරි හරි මුතු මම අද හවස එන්නම්.. "
" අනේ මුතු ඔයා බලලා යවන්නකෝ.. මම එන්න ඕනේ නෑනේ.. "

ඔන්න ඔය වගේ මුතු කෙනෙක් සම්බන්ධ සංවාද ෂූටින් අතර විවේකයේ දී හරියට ඇහෙනවාලු. අපිට මේ කතාව කිව්වේ මේ සංවාද කනෙන්ම

අහපු කෙනෙක්

". ෂුවර් එකටම චන්දික සෙට් වෙලා තියෙන්නේ මුතු තරංගා එක්ක.. පසුගිය කාලේ පුරාම ජෝඩුව එකට රගපෑවානේ.".

" ඔව් ඔව් පත්තරේ දෙන්නගේ කවර් පේජ් එකකුත් ගිහින් තිබුණා... "

එක එක්කෙනා මේ විදියා කතන්දර මවද්දී එක්කෙනෙක් චන්දිකගේ මුතු හෙවීමේ මහා උත්සාහයේ බර කරට අරගෙන..

උත්සාහය සාර්ථක වෙලා මුතු කවුද කියලා දැනගත්තාම කටිටියට හීන් දාඩිය දාලා..

චන්දිකට කතා කරන මුතු කවුද දන්නවා ද ???

තිස්සමහාරාමේ මුතුමාල හාඩ්වෙයාර් එකේ අයිතිකාරයා වුනු මුතුමාල...

කවුරුත් එයාට කියන්නේ මුතු කියලාලු.. චන්දිකගේ කතරගම හෝටලය හදන්න බඩු ගන්නේ එතනින්ලු.. අර හම්බවෙන්න යනවා කියන්නේ ගත්ත බඩු වලට සල්ලි දෙන්නලු..

කොහොමද කට්ටියගේ චන්දිකගේ මුතු හෙවීමේ මෙහෙයුම..
 
Related Posts with Thumbnails