Ads 468x60px

.

ෆේස්‌බුක්‌ විවාහය කලකිරි දිවිනසාගත් විසිඑක්‌ හැවිරිදි තරුණිය


ෆේස්‌බුක්‌ ජාලය හරහා මාස 06 ක ඇසුරකින් පසු විවාහ වී එම විවාහ ජීවිතය පිළිබඳව සිත්තැවුලට පත්ව අලව්ව - කිරුවම්පොල ප්‍රදේශයේ තරුණයාගේ නිවසට පසුගිය තුන්වනදා පෙ ව. 11.00 ට පමණ පැමිණ කෘමිනාශකයක්‌ පානය කළ තරුණියක සිය දිවි හානිකරගෙන තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ කෘමි නාශක පානය කර මියගොස්‌ ඇත්තේ සඳලංකාව, නායගම, වෙල්පල්ල පදිංචි වනිගසූරිය පතිරැන්නැහැලාගේ උෂාන් පේෂලා නමැති 21 හැවිරිදි තරුණියක් බවයි.

එහිදී මියගිය තරුණියගේ පෙම්වතා වූ වැලිවිට අංගොඩ ලියනගේ රුමේෂ් මධුසංඛ ලියනගේ (21) යන අය සාක්‍ෂි දෙමින් තමා මෙම තරුණිය හා ෆේස්‌බුක්‌ජාලය හරහා දැන හඳුනාගෙන දිගුකල් ඇසුරකින් පසු විවාහ වූ

බවත් ඇයට තම විවාහ ජීවිතය පිළිබඳ ගැටළුවක්‌ නොතිබූ බවත් තමා නිවසේ නොමැති අතර නිවසට කෘමිනාශකයක්‌ රැගෙන පැමිණ එය පානය කර ඇති බවට සාක්‍ෂි දෙමින් එසේ පැවසුවාය.

මෙම මරණය පිළිබඳ තරුණයා දුන් සාක්‍ෂි හා ඉදිරිපත් වූ කරුණු වැඩිදුර විමර්ශනය කළ මරණ පරීක්‍ෂකවරයා මෙම තරුණිය කෘමි නාශකයක්‌ පානය කර සිය දිවි හානිකර ගැනීමෙන් සිදුවු මරණයක්‌ බවට තීරණය කරන ලදී.


එම තරුණියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සවස කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී අලව්ව හදිසි මරණ පරීක්‍ෂක ඇස්‌. ඇම්. තිස්‌ස සමරකෝන් සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ අධිකරණ වෛද්‍ය නිළධාරි අජිත් ජයසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ශික්‍ෂණ රොහලේදී පැවැත්විණි.
 
Related Posts with Thumbnails