Ads 468x60px

.

පැතිර යන කට කතාවට නදීෂා දුන්නු උත්තර


නදීෂා දේශපාලනයෙන් සමුගන්නවා කියලා මේ දිනවල පුවතක් පැතිරෙනවා. ඇත්තද ඒ කතාව?
බෙලිගෙඩිය වැටුණාම බය වුණු හාවා වගේ හරියට හොයන්නෙ බලන්නෙ නැතිව සමහරු ඒ ගැන තීරණය කරපු නිසයි ඒ වගේ කතාවක් පැතිරිලා තියෙන්නේ. වසර දෙකක කාලයකට පමණ කලා කටයුතුවලට

මුල්තැන දෙන නිසා 100ක්ම දේශපාලනයේ යෙදෙන්න වෙන්නේ නැහැ කියලයි මම කිව්වේ. එහෙම නැතුව දේශපාලනයට සඳහටම සමුදෙනවා කියලා මම කිව්වේ නැහැ.

ඔබ එක්සත් ජාතික පක්ෂයේ දරපු තනතුරුවලට ඉදිරියේදී මොකද වෙන්නේ?
ජාතික යොවුන් පෙරමුණේ තරුණ හා කලා කටයුතු සම්බන්ධීකාරක සහ එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සංවිධායිකා යන තනතුරු මම මේ වනවිටත් දරනවා. ඉදිරියේදීත් ජාතික යොවුන් පෙරමුණ හරහා දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙන්න මම බලා‍පොරොත්තු වෙනවා.

ඒ කියන්නේ ගාලු දිස්ත්‍රික් සංවිධායිකා තනතුරෙන් ඉවත් වීමේ අදහසක් තියෙනවාද?
ඔව්. ඒ ගැන පක්ෂයත් සමග කතා කරලා ඉදිරියේදී තීරණයක් ගන්නවා.

මේ වගේ තීරණයක් ගත්තේ පක්ෂයේ වැඩකටයුතු ගැන කලකිරීමකින්ද?
පෘතග්ජන අය විදිහට අපට ඕනෑම තැනකදී කලකිරීම් ඇතිවෙන්න පුළුවන්. 100ක් සම්පූර්ණ දේවල් අපට බලා‍පොරොත්තු වෙන්න බැහැ. යම් යම් අඩුපාඩු නිසා වත්මන් දේශපාලන තත්ත්වය ගැන මට කලකිරීම් තියෙනවා.

ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ අදහසක් නැද්ද?
නැහැ. මම ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ.

මේ තීරණයෙන් පස්සේ ඔබේ කලා කටයුතු සිදුකෙරෙන්නේ මොන විදිහටද?
දේශපාලන කටයුතු නිසා පසුගිය කාලයේ මම තරමක් කාර්යබහුල වුණා. එනිසා වැඩිපුර කලා නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. මම දැන් නැවතත් රංගනය හදාරමින් ඒ සම්බන්ධව පුහුණුවීම් කරනවා. ඉදිරියේදී මගේම ටෙලිනාට්‍ය නිෂ්පාදනයක් එළිදක්වන්නත් බලා‍පොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ඉදිරියේදීත් තෝරා බේරාගෙන නිර්මාණවලට දායක වෙනවා.
 
Related Posts with Thumbnails