Ads 468x60px

.

නයි නළඟන මාස 10ක් වයසැති තම දරුවා මුදලට විකුනන්න හදලා..


මාස 10ක් වයසැති තම දරුවා මුදලට විකිණීමට උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟන සහ ඇගේ සැමියා වන රුවන් ලක්මාල් යන අය ඊයේ දහවල් කැකිරාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි. 


කෙසේ වෙතත් දරුවා මුදලට විකිණීමට තමන් උත්සහ නොකළ බවයි පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී නිරෝෂා විමලරත්න ප‍්‍රකාශ කර තිබෙන්නේ.
දරුවා හදාවඩා ගැනීමට ඥාති කාන්තාවකට භාරදීමට උත්සහ කළ බවද ඇය ප‍්‍රකාශ කර තිබෙනවා.

මූලික ප‍්‍රශ්න කිරීම් වලින් අනතුරුව නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟන සහ ඇගේ සැමියා කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බලා දරුවා හදාවඩා ගැනීමට ඥාති කාන්තාවට ලබාදීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා. එමෙන්ම නිරෝෂා විමලරත්න සහ ඇගේ සැමියා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරුණා.

නාගයෙකු සමග රාත‍්‍රී සමාජ ශාලාවකදී නර්තනයේ යෙදෙමින් සිටියදී මීට වසර දෙකකට පමණ පෙර ඇය අත්අඩංගුවට ගැනුණා. නයි නළඟන ලෙස ඇය ප‍්‍රසිද්ධියට පත්වූයේ ඉන් අනතුරුවයි.
 
Related Posts with Thumbnails