Ads 468x60px

.

රත්ගම පොළව පැලී තරුණයකු බිලිගත් ඛේදනීය පුවත


රත්ගම ප්‍රදේශයේ පොළව පැලී තරුණයකු බිලිගත් ඛේදනීය පුවතක් වාර්තා වනවා. මිතුරෙකුගේ නිවසකට පැමිණි තරුණයින් දෙදෙනා කතා බස් කරමින් මිදුලේ ඇවිද ගොස්  ඇති අතර එහිදී එක්වරම පොළොව පැළී එය සාමාන්‍ය ප්‍රමාණයේ සිදුරක් බවට පත්වී ඥාති සොයුරන් එතුළට ඇද වැටී ඇති බවයි පැවසෙන්නේ.

නිවැසියන් හා ප්‍රදේශවාසීන් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම ආරම්භ කර පැය කිහිපයකට පසු අඩි 13 ක් පමණ ගැඹුරේදී ඔවුන් දෙදෙනා හමුව ඇති අතර . ඒ වනවිටත් අයෙකු මියගොස් සිටි බව සඳහන් වනවා.

මිය ගොස් ඇත්තේ 17 හැවිරිදි සොයුරායි. 20 හැවිරිදි සොයුරා කරාපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.පොළොව පැළී සිදුරක් සැදී ඇත්තේ කළකට පෙර වසා දැමුණු ලිඳක් බවට පොලිසිය පවසන්නේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ වළෙන් යම් වායුවක් ද පිටවන බවයි.

එහි හිරු වීඩියෝව පහතින්.

 
Related Posts with Thumbnails