Ads 468x60px

.

උඩවලවේ සිසුවාගේ ගෙල කැපුවේ "එක මලකට පෙම් කළ" වරදටයි


පසුගිය 14 වන දින සවස  උපකාරක පන්ති යමින් සිටියදී උඩවලව කොළඹගේආර මහා විදුහ‍ලේ 11 වැනි වසරේ ඉගෙනුම ලැබූ හසිත එරංජන ලක්ෂාන් ඝාතනයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථ රියැදුරු සහ මෙම සිසුවා එක් පෙම්වතියකට පෙම් කිරීම නිසා බව ‍පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

සිසුවිය දහහත් හැවිරිදි වියේ පසුවන අතර මියගිය සිසුවා ඇය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන යන අතර  21 හැවිරිදි ත්‍රිරෝද රථ
රියැදුරකු ද ඇගෙන් ආදරය ඉල්ලා ඇතැයි සඳහන්.

මෙම සිද්ධිය හේතුවෙන් මියගිය තරුණයාත් ත්‍රිරෝද රථ රියැදුරුත් අතර නිතර ගැටුම් ඇති වී තිබෙනවා.

සැකකරු සහ තවත් 18 හැවිරිදි තරුණයකු ප්‍රශ්නය විසඳා ගැනීමට යමු කියා පාසල් සිසුවාව ත්‍රිරෝද රථයේ නංවාගෙන ගොස් ගෙල කපා ඝාතනය කර පසුව කැලයකට දමා පිටත්ව ගොස් ඇති බව පොලිස් පරීක්ෂණ මගින් තහවුරු වුණා.

සැකකරුවන් දෙදෙනාම මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
 
Related Posts with Thumbnails