Ads 468x60px

.

හිමිනමක්‌ රති කෙළි ඡායාරූප එස්‌.එම්.එස්‌. කිරීම මහා විනාශයක පෙර නිමිත්තක්‌ බව...


ගරු ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාගේ ජංගම දුරකථනයට "සෙක්‌ස්‌" ඡායාරූප එවූ බව කියන හිමි නමක්‌ කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් ප්‍රවෘත්තියක්‌ ඊයේ පුවත්පත්වල පළවී තිබිණි. කොටුව මහෙස්‌ත්‍රාත්වරයා එම හිමිනමට රුපියල් 2500 ක දඩයක්‌ ද නියම කර තිබිණි.

නවීන් දිසානායක මහතා ක්‍රීඩා ඇමැතිවරයා වන නිසාම "රති ක්‍රීඩා" විෂයයත් ඔහුට අයත් එකක්‌ බව ඒ හිමිනම සිතන්නට ඇති බවට අපට

සැක පහළ වේ. එහෙත් එයද එතරම්ම නිවැරැදි අදහසක්‌ නොවේ. 

ධම්ම පදයේ කොටසක්‌, දම් දෙසුමක්‌, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගේ සිත් නිවී සැනසෙන සිතුවමක්‌, මේ ආදී වශයෙන් යවන්නට ඇති දේ බොහෝමයක්‌ තිබියදී ගරු ස්‌වාමීන් වහන්සේ XXX වර්ගයේ ඡායාරූප නවීන් දිසානායක ඇමැතිවරයාට යෑව්වේ "පිළිකුල් භාවනාවට අලුත් මගක්‌ සොයා දෙන්නෙමි"යි යන සම්මා සංකප්ප (යහපත් ෙච්තනාවෙන්) වීමටද පුළුවන. 

ඒ කවර කාරණයක්‌ වුවද අද වන විට රටේ තත්ත්වය හොඳින්ම තේරුම් ගැනීමට එම ප්‍රවෘත්තිය පමණක්‌ම ප්‍රමාණවත් වේ. පූජ්‍ය පක්‌ෂය "බ්ලූ ෆිල්ම්" කඩ දමන විට තක්‌කඩි ගිහියන් බණ කියන තැනට රට ගමන් කර ඇත්තේ එහෙයිනි. 

සැදැහැවත් උපාසක උපාසිකාවන්ගේ ධන සම්පත් පමණක්‌ නොව රීරි මාංසයම සූරාකන දැහැමි තක්‌කඩියන් රටේ පඳුරක්‌ පඳුරක්‌ ගාණේ බෝවන්නේ රටේ සමාජයේ විපරීත බව හේතු කොටගෙනය. 70 දශකයේ අග භාගයේ "දැහැමි සමාජය" යුගයේ රටට ගලා ආ බොහෝ දේ අතර බුදු දහම මොඩිෆයි කිරීමේ ව්‍යාපෘතිද විය. 

කාගේ කටටත් හුරුවූ පංසල, විහාරස්‌ථානය ඉක්‌මනින්ම "අසපු" බවට පරිවර්තනය විය. අසපු සැබවින්ම මාලිගා බවට පත්විණි. බණ ජනප්‍රිය විය. හිටිගමන් බුදු වූ බව කියන හිමිවරු බිහිවිණ. 

හිමිවරු පමණක්‌ නොව ගිහියන්ද බුදු බව, සෝවාන්වූ බව කියමින් ගෙවල් දොරවල් ආරාම බවටත්, එතැනින් නොනැවතී, භාවනා මධ්‍යස්‌ථාන බවටත් පත්කර ගත්තේය. කොටින්ම භික්‌ෂූන් සහ ගිහියන් අතර කිසිදු වෙනසක්‌ නැති තැනට දහම "මොඩිෆයි" කෙරිණි. 

ක්‍රීඩා ඇමැතිවරයාට රති ක්‍රීඩා විෂය පථය ගැන දහම් දෙසූ හිමිනමගේ කතාවද එබන්දක්‌ විය හැකිය. අන්තර්ජාලය, 'ස්‌මාට්‌ ෆෝනය' අන්තිම නරකට පාවිච්චි කරන්නේ ගිහියන් බව සමාජයේ තිබෙන මතයයි. 

කුඩා දරුවෙකු අතිශය නපුරට යොමු කිරීමේ අනතුරක්‌ද එහි ඇති බව සමාජයේ මතයයි. මේ සිදුව තිබෙන්නේ ඒ නරකම උපාංගය "නරකම අය" අතට පත්වීමේ විපාකයයි.

කොහොමත් මේ රටේ මිනිස්‌සු හිතන පතන ආකාරයේ විශාල වෙනසක්‌ අවශ්‍ය බව කිව යුතුය. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ වෙනස්‌ වෙමින් ආ විකෘත තත්ත්වයක්‌ එක්‌වරම වෙනස්‌ කිරීම එතරම් පහසු කටයුත්තක්‌ නොවේ.


වර්තමානයේ ඉතා සුළු ආරාවුලක්‌ පවා සාමාන්‍ය තත්ත්වය ඉක්‌මවා අතිශය ප්‍රචණ්‌ඩකාරී ම්ලේච්ඡ ස්‌වභාවයක්‌ ගැනීමම මේ තත්ත්වය වටහා ගැනීමට තිබෙන හොඳම නිදසුනයි.

පර පණ නැසීම පමණක්‌ නොව සිය දිවි නසා ගැනීම පවා "අලුත්ම ක්‍රමවේදය"න් අනුව සිදු වේ. වසර ගණනාවකට ඉහතදී එක්‌තරා පුද්ගලයකු දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිංහ කූඩුවට පැන සිංහයන්ට අහරක්‌ වී සිය දිවි නසාගැනීමට උත්සාහ කළ සිද්ධිය ද ඒ විකෘත තත්ත්වයේම ප්‍රතිඵලයකි. 


අප්‍රිකාවේ ගණ කැලෑවල ජීවත්වන ගෝත්‍රිකයකු හෝ දිවි නසා ගැනීමට සිංහයන් කරා ගමන් කරන මෝඩ තකතීරුවන් යෑයි අපි විශ්වාස කරන්නේ නැත.

සුළු ප්‍රවෘත්තියකට ලඝූ නොකොට රති කෙළි ඡායාරූප එස්‌.එම්.එස්‌. කිරීමේ සිද්ධිය මහා විනාශයක පෙර නිමිත්තක්‌ හැටියට සළකා කටයුතු කළ යුතු යෑයි අපි විශ්වාස කරමු.
 
Related Posts with Thumbnails