Ads 468x60px

.

මහරජුන් රකිමින් සුළුසිදුවීම් උළුප්පමින් ගැහැණියක් විනාශ කිරීමේ නීච ක්‍රියාව නවතනු..


කෝටි ගණන් හොරකම් කල හොරුන් යහ පාලන ආණ්ඩුව තවමත් රකිමින් සිටී.. යෝනියක් වේනම් ගැහැණියක් වේ නම් ඇයව අල්ලා තලාපෙලා දැමීමේ තක්කඩි න්‍යාය අසික්කිත මාධ්‍ය භාවිතාව විසින් සිදු කරමින් සිටි...

වෙලේසුදා විසින් උදයන්ති කුලතුංගට සිව්වතාවක් රුපියල් ලක්ෂය බැගින් දී ඇති බවත්, ඇයගේ උපන් දිනයක් වෙනුවෙන් රුපියල්
50,000ක ත්‍යාගයක් දී ඇති බවත් බැංකු ගිණුම් පරික්ෂාවේදී හෙළිව ඇති බව රහස් පොලීසිය කියයි.

එවිට උපරිම මුදල රුපියල් ලක්ෂ හතරකි. ස්විස් ගිණුම් වලට බර වී ඇති කෝටි ගානක මුදල් ගැන තවමත් කිසිදු කතාවක් නැත. ඒ රනිල් මහින්ද ඩීල් බව නොදන්නා එකෙක් නැත. රහස් පොලිසි වල රහස් හෙළි නොකර තිබෙන්නේ එසේය. උදයන්ති පවසන අන්දමට ඇය වෙලේ සුදා දන්නේද නැත.

අපි ඇය වෙලේ සුදා දන්නවායයි කියමු. මුදල් ගත්තා කියමු. ඔය සුචරිත වාදීන් ළඟ තිබෙන මුදල් සියල්ල මහන්සියෙන් සාධාරණව හබ්බ කල මුදල් නොවන වග අපිනම් හොදින් දනිමු. පැරදුනු හොරු නඩයත් උන්ව රකින මේ ආණ්ඩුවේ නඩයත් එසේය.

ගැහැණියෙක් වෙන නිසාවෙන්, ජනප්‍රිය නිසාවෙන් උදයන්ති වැනි එකියක් විනාශ කිරීම පහසු සේම අපේ මාධ්‍ය තක්කඩියන් ඒවාට හසුවන නරුමයන් බව දන්නා නිසාම බේබිලා රකින පාලකයෝ උදයන්තිව විනාශ කරමින් සිටි.

තවමත් කිසිවක් ඔප්පු වීද නැති ඔප්පු වුවද රකින හොරුන්ගේ ප්‍රමාණයේ හැටියට ඉතා සුළු දෙයක් වන සිද්දියක් අල්ලා යෝනියක් විකුණන් කන ඒ අසික්කිත මාධ්‍ය තක්කඩි කමත් ආණ්ඩුවේ ක්‍රියා කලාපයත් අපි දැඩි ලෙස පිළිකුල් කරන්නෙමු.

අපි සියලු බලධරයන්ට කියමු.. වෙලේ සුදාලගේ මහ රජුන් රකිමින් සුළු සිදුවීම් උළුප්පමින් ගැහැණියක් විනාශ කිරීමේ නීච ක්‍රියාව නවතනු.
 
Related Posts with Thumbnails