Ads 468x60px

.

භික්ෂූන් වහන්සේලාට ලංකාව කෝවිලක් කිරීමට නුවණැති මහජනතාව ඉඩ නොදිය යුතුය...


පළතුරු එම පූජාවට සම්බන්ධ වූ අයගේ වතුවල වැවුණු පළතුරුලු 
එසේ නම් ඇපල්, පෙයාස්, මුද්දරම්පලම් මෙහෙ වැවුණු පළතුරුද..?

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පැවැත්වූ අවසන් සදහම් වැඩසටහන සඳහා අති විශාල සැදැහැවතුන් පිරිසක් එක්වූනා.

එහිදී පැවැත්වූ ධර්ම සාකච්ඡාවේදී සැදැහැවතුන් කිහිපදෙනෙකුම මහමෙව්නා අසපුව විසින් සංවිධානය කළ සේරුවාවිල පළතුරු පූජාව

පිළිබඳව කළ විමසීමකට පිළිතුරුදුන් ඤාණානන්ද හිමියන් පැවසුවේ එම පුජාව සඳහා යොදාගත් කිසිදු පළතුරක් හෝ මලක් මිලදී නොගත් බවයි.

එලෙසම වෙරළු ගෙඩියක් තරම් වත් කිසිදු පළතුරක් නිකරුනේ නාස්ති නොකළ" බවද උන්වහන්සේ පැවසුවා.

මෙම පිංකමට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාව පුරාම විවිධ ගම් පළාත්වල සිට පැමිණි පින්වතුන් විසින් රැගෙන ආවේ ඔවුන්ගේ වතු පිටිවල හටගත් පළතුරු පමණක් බව පැවසු උන්වහන්සේ පිංකම අවසානයේදී දන්සැලක් පවත්වා සියලුම පළතුරු අවට ගම්වාසින් සහ පින්කමට සහභාගිවූ පින්වතුන් අතර බෙදාදුන් බවද එකදු පලතුරක්හෝ අපතේ නොයැවූ බවද
පැවසුවා.

කතෘ සටහන...!

පසුගියදා සිදුකරන ලද පළතුරු පූජාවක් ගැන මාධ්‍යවල අවධානය යොමුවීම උණුසුම් තත්ත්වයකට පත්වීමෙන්, මෙවැනි පූජා ක්‍රමවලින් ඇති ප්‍රයෝජන ගැන මහජනතාව තුළ කුතුහලයකට හා විමසීමකට භාජනය වී ඇති බව පෙනේ.

නිවන්දැකීම පිණිස චෛත්‍යවලට පූජාවන් සිදුකිරීම සඳහා බුදුන්වහන්සේ ජීවමාන කාලය තුළ උපදෙස් නොදුන් බව ප්‍රකාශ කරන ත්‍රිපිටකයේ ඇති ගාථාවක් සිහිනයට නැගේ.

බහුං වේ සරණං යන්ති - පබ්බතානි වනානිච
ආරාම රුක්ඛ චේතිය්‍යානි - මනුස්සා භය තජ්ජිතා

(බුද්ධ වග්ග - ධම්ම පදය)

'බියෙන් තැතිගත් මිනිස්සු ආරාම, චෛත්‍යය, රුක්ඛ වැනි බොහෝ දේවල්වල සරණ පතති.'

මෙතෙක් හින්දු දේවාලවල සිදු වූ පළතුරු පූජාවද දැන් චෛත්‍යයේ සළපතල මළුව ආක්‍රමණය කිරීමට උපදෙස් දුන් පූජකවරු කවුද ? ඔවුන් බුද්ධශ්‍රාවකයෝද ? හින්දු පූජකවරුද ?

කෙසේ වෙතත් ඒ පළතුරු එම පූජාවට සම්බන්ධ වූ අයගේ වතුවල වැවුණු ඒවා බව සඳහන් වී ඇත. එසේ නම් එහි තිබූ ඇපල්, පෙයාස්, මුද්දරම්පලම් වැනි පළතුරු මේ අයගේ වතුවල වැවුණු දේවල්ද යන්න විමසිය යුතුය.

චෛත්‍යයක් හෝ බුදුපිළිමයක් ඉදිරියේ පළතුරු තැන්පත් කොට බුදුන්වහන්සේට පූජා කළ, එසේ නැතිනම් 'දානයක්' නැතිනම් 'අතහැරීමක්' වශයෙන් බුදුන්වහන්සේට පරිත්‍යාග කළ ඒ පළතුරු නැවත එම උදවියම අනුභව කිරීමෙන් ලැබෙන ආනිසංශ කුමක්ද ? 


බුදුන්වහන්සේට පළතුරු පෙන්වා, රවටා නැවත 'අන්සතු කළ දෙයක්' උදුරාගෙන අනුභව කිරීමෙන් පව් සිද්ධවන වැඩ කිරීමට උපදෙස් දුන් පූජකවරුන්ගේ මේ උපදේශය නිවන් දැකීමට අදාල වෙත්ද ?

මෙවැනි හින්දු පූජාවලට ගරහන අයට පව් සිද්ධවන බව මේ පූජකවරු පවසා ඇත. මහජනයා තීරණය කළයුත්තේ, ඇත්තවශයෙන්ම පව් සිද්ධවන්නේ අන්සතු කළදෙයක් නැවත උදුරාගෙන අනුභව කිරීමෙන්ද ?


එසේ නැතිනම් බුදුදහමට ගරහන එවැනි ක්‍රියාවන් වැරදි බව පෙන්වා දීමෙන්ද ? යනුය. මේ පූජකවරුත්, ඒ පූජාවන්ට සම්බන්ධ වූ අයත් මේ ක්‍රියාවෙන් ඉදිරි ජීවිතයට අපායේ අසුන් කල්තියාම වෙන් කරගත් බව පෙනේ.

ධම්ම පදයේ සඳහන් පරිදි මිනිසුන් බියගන්වා මෙවැනි පූජකවරුන්, බුදුන් නොවදාළ දේවල් අසරණ, නූගත් මහජනතාවට හඳුන්වා දී බුදුදහම කෙළෙසීම මහජනතාවට ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළයුතුය.

නිවන්දැකීමට චෛත්‍යය නිර්මාණය කොට පළතුරු පූජා කළයුතු බව බුදුන් වහන්සේ දේශනා කළවග කොතැනකවත් සඳහන් නොවේ. 


නිවන්දැකීමට සත්‍ය ධර්ම ශ්‍රවණය කළයුතු බව උන්වහන්සේ දේශනා කර ඇත. සත්‍ය ධර්ම නොදන්නා තමන්ද නිවන් නොදැක අසරණ ජනතාව බියගන්වා මුදල් උපයන, ප්‍රසිද්ධිය සොයායන, අන්‍යාගමික ක්‍රම හඳුන්වා දී බුදුදහම විනාශ කරන මෙවැනි පූජකවරුන්, විනයධර මහානායක වරුන්ගේ අවධානයට ලක්වී ශාසනය පිරිසිදු වියයුතුය.

මෙවැනි පූජකවරුන්ගේ ආරාමවලට යන, ඔවුන්ගේ උපදෙස් පතන අඥානවන්ත සමාජයක් බිහිකිරීම පිළිබඳව නොයෙකුත් රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍යද සමහර පුවත්පත්ද වගකිව යුතුය. 


භික්ෂූන් වහන්සේලාට ලංකාව කෝවිලක් කිරීමට නුවණැති මහජනතාව ඉඩ නොදිය යුතුය. අවුරුදු දෙදහස් එකසියයකට පමණ කල් නිවන් දුටු කෙනෙකුන් පහළ නොවීමට හේතුව මෙවැනි ක්‍රියාවලින් පැහැදිලි වේ.

'සබ්බ දුක්ඛ නිස්සරණ සච්චිකරණත්ථාය, ඉමං කාසාවං ගහෙත්වා..... බහුජන හිතාය බහුජන සුඛාය........' ආදී වශයෙන් දිවුරුම් දී, නිවන් දැක අන් අයටත් පාර පෙන්වීමට පොරොන්දු වෙමින් සිවුරු දරාගන්නා මොවුන්, සිවුරු දරාගත් පසු නිවන් දැකීම අමතක කොට ප්‍රසිද්ධිය, ව්‍යාපාර ආදියට මුදල් උපයා ගැනීමටත්, මහජනතාව බියගන්වා, මේ දැන් (සන්දිට්ඨිකෝ) ලබා ගතහැකි නිවන ඉදිරි ජීවිතයකට කල්දැමීමට උපදෙස් දී, මහජනයාට කෙසේ වෙතත් පූජකවරුන්ගේ ජීවන ක්‍රම සකසා ගැනීම හෙළාදැකිය යුතුය. 


මෙවැනි අන්‍යාගමික ක්‍රම 21 වැනි ශතවර්ෂයේ බුද්ධාගමට ඇතුළු කිරීමට තැත් කරන ලද පූජකයන් ලෙස එම පළතුරු පූජාවට සම්බන්ධ වූ භික්ෂූන් වහන්සේලාගේ නම් මින් ඉදිරියට මහජනතාවගේ සිත්තුළ හා ඉතිහාසයේ පැහැදිලිවම සටහන් වනු නොඅනුමානය.

අවුරුදු දෙදහස් එකසියයක් රැවටුවත්, ඉදිරි කාලයේදී නුවණැති සිංහල පරපුර සැමදා රැවටීමට මොවුන්ට බැරිවනු ඇත.  


 
 
 
 
Related Posts with Thumbnails