Ads 468x60px

.

උදයන්ති මුදල් සහෝදරියගේ ගිණුමට මාරු කරේ පොලිසියට මාට්ටු වුණ හින්දලු - රහස් පොලිසිය


පොලිසියත් 
නොමග යවලා...!

වෙලේ සුදා හෙරොයින් ජාවාරමින් රැස්කළ මුදල් විශුද්ධිකරණයට ලක්කරමින්, ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි උදයන්ති කුලතුංග මෙනෙවිය ගේ සහෝදරියගේ නමින් බැංකු වල හා මූල්‍ය ආයතනවල තැන්පත්කර තිබූ මුදල් තහනම් කළේ කොළඹ මහාධිකරණ යේ නියෝගයක් මත බව මේ වන විට අනාවරණය වනවා..

වෙලේ සුදා හා ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග අතර සම්බන්ධතාවක් තිබී ඇති අතර වෙලේ සුදා විසින් ඇයට එවනු ලැබූ රුපියල් කෝටි ගණනක මුදල් අතරින් විශාල ප්‍රමාණයක් ඇය මූල්‍ය ආයතනයක ස්ථීර තැන්පතක් දමා තිබූ බවත්, මේ සම්බන්ධයෙන් රහස් පොලීසිය ඇගෙන්

ප්‍රශ්න කළ දිනට පසු දිනක පොලිසිය නොමග යැවීමේ අරමුණින් එම ස්ථීර තැන්පතු මුදල් හා තවත් මුදල් විශාල ප්‍රමාණයක් ඇගේ සහෝදරියගේ නමට මාරුකොට ඇති බවත් රහස් පොලීසිය හෙළිකරගෙන තිබෙනවා.

මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත මේ සම්බන්ධයෙන් කළ දැනුම් දීමකට අනුව ඔවුන් කොළඹ මහාධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත අදාළ මුදල් ගනුදෙනු කිරීම වළකාලමින් බැංකු හා මූල්‍ය ආයතනවලට තහනම් නියෝග පනවා තිබුණා.
 
Related Posts with Thumbnails