Ads 468x60px

.

දරුවන්ගේ නාමෙන් සිවුරු හැර දමා අළුගෝසුවකු වන්නට යන පුජ්‍ය බද්දේගම සමිත හිමි


යාපනයේ සමුහ දුෂණය කොට ඝාතනය කරණු ලැබු පාසල් සිසුවියගේ ඝාතකයින්ට අධිකරණය මගින් මරණ දඩුවම් දෙන්නේ නම් ඔවුන්ගේ අළුගෝසුවාගේ කාර්ය කිරිමට සිවුරු හැරලා තමන් සුදානම් බැවි දකුණු  පළාත් සභාවේ සන්ධානයේ මන්ත්‍රි බද්දේගම සමිත හිමියන් පැවති දකුණු පළාත් සභා රැස්විමදි පැවසුවා.

පළාත් සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද විවාදයට එක්වෙම්න් සමිත හිමියන් මෙසේසේද
පැවසුවා.

“දරුවන් වෙනුවෙන්  මා අඵගොසුවාගේ කාර්ය භාර්ය කරලා හිත හදාගෙන සිවුරු හැරලා වනගත වෙලා භාවනා කරනවා. මා භික්ෂුවක් කාටවත් වෛර කරන්නේ නැහැ. අපේ රටේ එල්ලුම්ගහ දැන් ක්‍රියාත්මක
වෙන්නේ නැහැ. එල්ලුම් ගමට අළුගෝසුවන් තොරාගත්තත් ඔවුන්

රාජකාරිය කරන්න කැමැති නැහැ.

ඉවත්වෙලා යනවා.  නමුත් යාපනයේ දි සමුහ දුෂණයට ලක්කොට ඝාතනය කරනු ලැබු වින්ද්‍යා දැරියගේ ඝාතකයින්ට අධිකරණයෙන් මරණ දඩුවම නියම වුවහොත් දරුවන්ගේ නාමයෙන් මා අළුගොසුවාගේ කාර්ය කරනවා.”


ඒ පිලිබඳ තවත් පුවත් පහතින් 

කයිට්‌ස්‌ සිසුවියගේ ඝාතනයට සිවුරු හැර අලුගෝසු වැඩේ කරන්න සමිත හිමි සූදානම්

යාපනයේ කයිට්‌ස්‌ දූපත්වලදී සමූහ දූෂණය කොට ඝාතනය කරනු ලැබූ පාසල් සිසුවියගේ ඝාතකයන්ට අධිකරණය මගින් මරණ දඬුවම් ලබාදුන හොත් සිවුරු හැරලා අළුගෝසුවා කාර්ය කිරීමට තමන් සූදානම් බැව් දකුණු පළාත් සභාවේ සන්ධානයේ මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් ඊයේ (07 දා) දකුණු පළාත් සභා රැස්‌වීමේදී පැවසූහ.

පළාත් සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්‌වෙමින් සමිත හිමියෝ මෙසේ ද පැවසූහ.

දරුවන් වෙනුවෙන් මා අළුගෝසුවාගේ කාර්ය භාරය කරලා හිත හදාගෙන සිවුරු හැරලා වනගත වෙලා භාවනා කරනවා. මා භික්‍ෂුවක්‌. කාටවත් වෛර කරන්නේ නැහැ. අපේ රටේ එල්ලුම්ගහ දැන් ක්‍රියාත්මක වන්නේ නැහැ. එල්ලුම් ගහට අළුගෝසුවන් තෝරාගත්තත් ඔවුන් රාජකාරිය කරන්න කැමැති නැහැ. ඉවත්වෙලා යනවා. 


නමුත් යාපනයේ කයිට්‌ස්‌ දූපත්වලදී සමූහ දූෂණයට ලක්‌කොට ඝාතනය කරනු ලැබූ වින්ද්‍යා දැරියගේ ඝාතකයන්ට අධිකරණයෙන් මරණ දඬුවම නියම වුවහොත් දරුවන්ගේ නාමයෙන් මා අළුගෝසුවාගේ කාර්ය කරනවා.

අධිකරණයෙන් ඒ තීන්දුව ලැබුණහොත් සහතික වශයෙන්ම මා ඒ කාර්ය කරනවා. ඒ සඳහා මට අවසර ලබාදෙන්න. ඊට පස්‌සේ මගේ ජීවිතය නැති වුවත් කමක්‌ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයට ගිහිල්ලා එම දැරියගේ ඥතීන්ට ප්‍රකාශ කළා විශේෂ අධිකරණයක්‌ මගින් මේ නඩුව අහනවා කියලා. ඒ ගැන ජනාධිපතිතුමාට ප්‍රශංසා කරනවා යෑයි ද සමිත හිමියෝ පැවසූහ.

සභාපති කේ. ඒ. සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභා රැස්‌වීම ගාල්ල කලේගානේ පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 


යාපනයේ සිසුවියගේ සිද්ධියේ මහජන කැළඹීමට මුල්වූ පොලිස් ලොක්කා ප්‍රශ්න කෙරේ

පසුගියදා ලංකාව පුරා ආන්දෝලනයක් ඇති කළ යාපනයේ පාසල් සිසුවියගේ ඝාතනය සහ ඒ සමග ඇතිවූ උතුරේ ජනතා නොසන්සුන් තත්වයට මුල්වූයේ එම සිද්ධියට සම්බන්ධව සිටි අයෙකු පොලිස් ලොක්කෙකුගේ උදව්වෙන් බේරි පළා යාමයි. 


පසුව එම තැනැත්තා රටින් පළායන්නට පෙර අත්අඩංගුවට පත්වුවත් මෙම පක්ෂපාතී ක්‍රියාව මත උතුරේ හර්තාල් පවා ඇති වුණා. උතුරු පළාතේ දේශපාලනඥවරියකගේ කීම් බහ මත මෙම පළායාමට අනුබලදීම සිද්ධවූ බව ඒ දිනවල වාර්තා වුණා.

සිද්ධියෙන් පසුව උතුර හා ආශ්‍රිත පොලිස් නිලධාරීන් රැසක් මාරුකිරීම් වලට ලක්වුවද උතුරු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට මාරුවක් නොලද අතරම ඔහුව නිසි ප්‍රශ්න කිරීමකට ලක් නොකිරීම පසුව මාධ්‍ය ඔස්සේද විවේචනයට බඳුන්ව තිබුණා.


මේ පිළිබඳ විමර්ශන කරන පොලිස් කණ්ඩායම පසුගිය සෙනසුරාදා(04) පෙරවරු 9.00 සිට සවස 3.30 දක්වා පැය හයකට අධික කාලයක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ බව වාර්තා වෙනවා.

ගම්වැසියන් අල්ලාගෙන පොලිසියට භාරදුන් සැකකරුවෙකු පසුව නිදහස් කිරීමට පොලිසියට නියෝග ලබාදීමක් සම්බන්ධයෙන් ඔහුව ප්‍රශ්න කළ බව විමර්ශන නිලධාරීන් තහවුරු කර ඇත.


මෙහි අවසන් වාර්තාව අද හෙටම පොලිස්පතිවරයා අතට ලැඛෙන බවත් ඒ අනුව වගකිව යුතු නිළධාරීන්ට එරෙහිව නිසි පියවර පොලිස්පතිවරයා විසින් ගනු ඇති බවත් පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කරයි.
 
Related Posts with Thumbnails