Ads 468x60px

.

හෙළු පින්තූර ගනිමින් පිස්සු කෙළිය පේරාදෙණි සරසවි සිසුසිසුවියන්ට මොකද වුනේ - ඇත්ත කතාව


පේරාදෙනීය විශ්වවිද්‍යාලයේ විද්‍යා හා කෘෂිකර්ම පීඨවල 3 වසරේ සිසුන් සිවුදෙනකු හා ශිෂ්‍යාවක් ඔයක නාන්නට ගොස් බීමත්ව නිරුවතින් අශෝභන ලෙස හැසිරීම නිසා ඊයේ කලබගෑනියක් හටගත්තා.

පේරාදෙණියේ කළුගමුව පිගන් සංස්ථාව පාරේ ඇති මහවැලි ග`ග ආශ්‍රිත කුඩා ඔයේ දිය නෑමේ අටියෙන් යතුරු පැදි තුනකින් මෙම පිරිස පැමිණ ඇත්තේ ඊයේ දහවල් කාලයේය. 


අනතුරුව ඔය අසළදී මත්පැන් බෝතල් කඩාගෙන ඔවුන් සප්පායම් වෙමින් සිටිනු එම ගම්වාසීන් දැක ඇත. මෙම ඔය අසළ නිවාස කිහිපයක්
ම  තිබී ඇති අතර ඒවායේ වාසය කරන අයට මෙම පිරිසගේ ක්‍රියාකාරකම් දැකගන්නට ලැබී ඇත.

ටික වේලාවක් යනවිට මත්පැන් වැඩිවී කිහිපදෙනෙකු වමනය දමන අයුරුත් කුණුහරුප කියමින් කෑගසන අයුරුත් දැක ගන්නට ලැබී ඇත. වෙනදා මෙහි නාන්නට එන අය ගැන සෝදිසි නොකළත් අසල්වාසීන්ට අමුතු අත්දැකීමක්වීම නිසා මේ කෑගහන අය දෙස අවධානයෙන් සිට තිඛෙනවා. 


ඔවුන් පුදුමයට පත්කරමින් එහි සිටි පිරිමින් හතර දෙනා මෙන්ම තරුණ කාන්තාවද මත්පැන් පානය කරමින් විකාර කියවනු දැක ගන්නට ලැබී ඇත. අධික ලෙස බීමත්වූ පසු එම තරුය ස්ව කැමැත්තෙන්ම ඇඳුම් උනාදමා තරුණයන් සමග නිරුවත් ඡායාරූප වලට පෙනී සිට තිඛෙනවා. ඒ අතරවාරයේ තරුණයින්ද නිරුවත් වෙමින් ඇයව

බදාගෙන උමතු ආකාරයට හැසිරී ඇත. කෑකෝගසමින් කුණුහරුප කියමින් ඇඳුම් නැතිව නටමින් කරන මේ විකාරය තවදුරටත් ඉවසන්නට බැරිව ගම්වාසීන් 200 කට ආසන්න පිරිසක් ඔය අසළට රැස්වී කළ යුත්තේ කුමක්දැයි කල්පණා කර ඇත්තේ ඒ අතරවාරයේය. 


ඔවුන් අවසානයේ තීරණය කර ඇත්තේ මේ ගැන පොලිසියට කියන්නටය. 119 අංකයට ඇමතුමක් ගෙන පේරාදෙණිය පොලිසියට මේ සිද්ධිය වාර්තා කරන්නට ඔවුන් ක්‍රියා කරේ පසුවයි.

මේ අතරවාරයේ ගම් වැසි තරුණයින් කිහිපදෙනෙකු එක්වී පිටතින් පැමිණි අයගේ යතුරු පැදිවල ටයර් කපා හුළං අරන්නටද ක්‍රියා කළා. එසේ කර ඇත්තේ ඔවුන් හදිසියේ පළායාම වළක්වන්නටය.කෙසේ වෙතත් පේරාදෙනිය පොලිසිය පැමිණ එම ස්ථානය වටකොට අශෝභන ලෙස හැසිරුණ පස් දෙනා අල්ලාගත්තා.

මේ ආකාරයට අමනෝඥ හැසිරීමක නිරතවූයේ පේරාදෙ‚ය විශ්ව විද්‍යාල යේ විද්‍යා හා කෘෂිකර්ම පීඨවල 3 වසර සිසුන් සිවුදෙනකු හා ශිෂ්‍යාවක බව පිරිස එම අවස්ථාවේ දැනගත් අතර ඔවුන් එය අසා පුදුමවී ඇත. අරක්කු බෝතල් 2ක්ද රැගෙන මේ

ස්ථානයට ආවේ විනෝදවීමට යයි ඔවුන් කියා ඇත. තමන්ගේ සිහිමද තත්වය නිසා පාලනයෙන් තොර හැසිරීමක නිරතවූ බව පැවසූ ඔවුන් සිද්ධිය ගැන සමාව අයැද සිටියා.

කෙසේ වෙතත් පොලිසිය ඈතින් එන අවස්ථාවේ නිරුවත් ඡායාරූප ගත් කැමරා දුරකතන මොවුන් ඇළට විසිකර ඇති බවද වාර්තා වුණා.

පේරාදෙ‚ය පොලිසිය පැමිණ මොවුන් රැගෙන ගොස් වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරිපත් කිරීමේදී සියලූ දෙනා බීමත්ව ඇති බව තහවුරු කරගත්තා.
මේ අය අතර සිටි උපාධි අපේක්ෂිකා තරුය මහනුවර, කටුගස්තොට පදිංචිකාරියකි. අනෙක් අය මීගලෑව, අරණායක, ගල්නෑව හා බොරලැස්ගමුව යන ප්‍රදේශවල පදිංචි සිසුන්ය. 


ඔවුන් සිවුදෙනා මහනුවර අධිකරණය වෙත ඊයේ (26දා) ඉදිරිපත් කිරීමට නියමිතව තබුණා. ශිෂ්‍යාව ඇයගේ සහෝදරයාට බාරදි මුදා හැරි බව පොලිසිය පැවසුවා. මොවුන් පැමි‚ යතුරුපැදි 3 පොලිසිය මගින් ලොරි රථයකින් පොලිසිය වෙත රැගෙන ගියා.
 
Related Posts with Thumbnails