Ads 468x60px

.

මැතිවරණය ගැන අලුත්ම ජ්‍යෝතිශ්‍ය අනාවැකිය මෙන්න (වීඩියෝ)


ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ආසන 120කට ආසන්න ප්‍රමණයක් ගෙන ජයග්‍රහණය කරනු ඇති බව ජ්‍යෝතිර්වේදී කේ ඒ යූ සරත්චන්‍ද්‍ර මහතා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනපතිවරණයේ දී ගත් ඡන්ද ප්‍රමාණයවත් ගැනීමට නොහැකි වන බවත්, ජනතා විමුක්ති පෙරමුණ යම් පිබිදීමක් ලබන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

පසුගිය ජනපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනපති ජයග්‍රහණය කරන බවත් නිවැරදි ලෙස කී
ජ්‍යෝතිර්වේදීන්ගෙන් කෙනෙක් වන සරත්චන්‍ද්‍ර මහතා වයඹ පළාත් සභා මැතිවරණයේ දී දයාසිරි ජයසේකර මහතා මනාප ලක්ෂ තුනකට වඩා ගෙන මහ ඇමැති වන බවට ද අනාවැකියක් කීවේ ය.

මෙවර මැතිවරණය වෙනුවෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා ඇත්තේ අගෝස්තු 18 වැනිදායින් පසු පත් වන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වන බවයි.

මීට මාස තුනකට පෙර ඡන්දය පැවැත්වී නම් සන්ධානයට වාසි සහගත තත්ත්වයක් තිබූ මුත් ඉදිරියේ දී රාජපක්ෂ මහතාට නරක කාලයක් උදා වී කිසි ලෙසකින්වත් ඔහුට අගමැති විය නොහැකි බවත් ප්‍රකාශ කරන සරත්චන්‍ද්‍ර මහතා තවදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකත්වය දරණ පක්ෂය පරාජය වී ඡන්දෙන් පසු හිටපු ජනපතිට නඩු හබවලට මුහුණ දීමට ද සිදුවනු ඇති බවත් ය.

වීඩියෝව පහතින් නරඹන්න.

 
Related Posts with Thumbnails