Ads 468x60px

.

අශෝභන ලෙස කොට සායවල් ඇඳි කාන්තාවන්ට යුක්තිය ඉටුවෙලා...


කොට සාය ඇඳ අශෝභන ලෙස ගමන් කළේ යැයි චෝදනා ලැබූ කතුන් දෙදෙනෙකු නීතීඥයන් මගින් එම චෝදනා වලින් නිදහස ලැබී තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

ඔවුන්ගේ නීතීඥයන් පෙන්වා දෙන පරිදි පසුගිය ජූනි 16 වැනිදා වෙළෙඳ පොළක් ආසන්නයේදී මොවුන්
ඉතා කොට සායවල් ඇඳ අශෝභන
ලෙස හැසිරීම නිසා මෙම චෝදනාවට ලක්ව, පසුව අධිකරණය දක්වා මෙය දුරදිග ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මොරොක්කෝව තුළ දැඩි ආන්දෝලනයක් ඇති වෙමින්, මේ සම්බන්ධයෙන් අන්තර්ජාල පෙත්සමක්ද අත්සන් කර ඇත්තේ ඕනෑම අයෙකුගේ පෞද්ගලික නිදහසට බාධාවක් කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව පවසමිනි.

එහිදී, එම කාන්තාවන් වෙනුවෙන් නීතීඥයන් සිය ගණනක්ද පෙනී සිට ඇති බවත් මොරොක්කෝවෙන් වාර්තා වෙයි.


 
Related Posts with Thumbnails