Ads 468x60px

.

ගුද මාර්ගය නියම ස්ථානයේ නොපිහිටී දුනෙත් දරුවා චීනයේ කළ විශ්මිත සැත්කමින් පසු දිවයිනට


2014 අගෝස්තු මස සිරිලිය සවිය අධ්‍යක්ෂ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය හමුවීමට පානදුර ප්‍රදේශයේ ගුද මාර්ගය නියම ස්ථානයේ නොපිහිටීම සහ ඉනෙන් පහළ සියලු අවයව පිරිම අවයව දෙක බැගින් පිහිටීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ දුනෙත් නිම්තරු නමැති දරුවා
සමග ඔහුගේ දෙමව්පියන් පැමිණ තිබේ.

එහි දී එම සැත්කම ලංකාවේ කළ නොහැකි බවත් චීනයේ ෂේන් ජින් (Shen Zhen) ළමා රෝහලේ මෙම සැත්කම කරන බවත්  ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියව දරුවාගේ දෙම්ව්පියන් විසින් දැනුවත් කරන ලදී.

එම අවස්ථාවේ ම සිරිලිය සවිය අධයක්ෂ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ෂේන් ජින් (Shen Zhen) ළමා රෝහලේ වෛද්‍ය ලී මහතා සමග සාකච්ඡා කොට මෙම දරුවාගේ සැත්කම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සිරිලිය සවිය ආධාර මගින් සිදු කිරීම සඳහා සාකච්ඡා කරන ලදී. 


අනතුරු ව නොවැම්බර් මස 30 වැනි දා සිරිලිය සවිය ආධාර මගින් මෙම දරුවා තම මව සහ පියා සමග චීනයේ ෂේන් ජින් (Shen Zhen) ළමා රෝහල බලා පිටත් විය.

දැනට මෙම රෝගයට ලෝකයෙන් ම භාජනය වී ඇත්තේ 06 දෙනෙකු බවත් එම 06 දෙනාගෙන් ප්‍රථමයෙන්ම මෙම සැත්කමට ලක් වූයේ මෙම දුනෙත් දරුවා බවත් වෛද්‍යවරු 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සාර්ථක සැත්කම් 05 කින් පසු නිරෝගී ව දුනෙත් පුතා තම පියා සහ මව සමග 12 වැනි දා ශ්‍රී ලංවට පැමිණෙන ලදී.

තව ද මෙම දරුවා තවමත් අවුරුදු 03 කුත් මාස 05 ක් වන අතර ඔහුට වයස අවුරුදු 05 ක් වනතුරු මාස 06 කට වරක් චීනයේ ෂේන් ජින් (Shen Zhen) ළමා රෝහලේ වෛද්‍ය ලී මහතා හට මෙම දරුවා පෙන්වීමට ද අවශ්‍ය වේ. 







 
Related Posts with Thumbnails