Ads 468x60px

.

මහින්ද මේ පාරත් පරදිනවා, ආවත් අගමැතිකම මං දෙන්නෑ - ඊයේ (14) සවස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කල විශේෂ ප්‍රකාශය මෙන්න.


ඊයේ සවස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් තමා සම්පුර්ණයෙන්ම විරුද්ධ වූ නමුත් ශ්‍රීලනිපයේ මහින්ද පිලේ සියයට සියයක් හා මෛත්‍රී සමග එක්වූ සියයට 99 ක් බල කළ නිසා එය ලබාදෙන්නට සිදුවූ බව කියා සිටියා.

ජනවාරි 08 පැරදුනා වගේම මේ මැතිවරණයේදීත් මහින්ද පැරදෙන බව කී ඔහු මහින්ද ජයගත්තත් අගමැතිකම දෙන්නට වෙනත් ඕනෑතරම් සුදුස්සන් සිටින බව කියා සිටියා. ඉල්ලා අස්වීමේ උවමනාවක් නැති බවත් ඉල්ලා අස්උනානම් මහින්දට ඕන හැමෝටම නාමයෝජනා දෙන බවත් තමා එය පාලනය කළ බවත් කියා සිටියා.


මහින්ද රාජපක්ෂත් එක්ක මගේ කිසිම ගණුදෙනුවක් නැහැ. මම මේ මැතිවරණයේදී තදින්ම ඉන්නවා යයිද ඔහු කියා සිටියා. ජනවාරී 08 දා

දුන් පොරොන්දුව රකින බවත් සටන්වැද ලබා දුන් ප්‍රජාත්‍රන්තවාදය වැරදියට භාවිතා කරන්න එපා යයිද කියා සිටියා. 

පසුගියදා රනිල්ට එරෙහිව විශ්වාස භංගය ගෙනවිත් රනිල්ගේ ආණ්ඩුව පරදවා ජාතික ලැයිස්තුව හරහා මහින්ද පාර්ලිමේන්තුවට ඇවිත් ආණ්ඩුවක් පිහිටුවීමේ සැලසුමක්ද තිබුණ බව තමාට ආරංචිවූ බවත් 20 ගෙනෙන්නට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ ඒ නිසා බවත් ජනපතිවරයා කියා සිටියා.

මෛත්‍රිපාල ජනපතිවරයාගේ කථාවේදී මේ ආකාරයටද කියැවුණා. පසුගිය දෙසතියේ දී මා තරම් ප්‍රහාරයට ලක්වූ වෙනත් කිසිදු ජනපති වරයකු නෑ. දුෂ්ඨයා, පාවාදෙන්නා යනුවෙන් මට චෝදනා කළා. මෙවැනි දේ පළ කිරීමට පුවත් පත් නිදහස අප රටේ තිඛෙනවා. 


ද්‍රෝහියා යැයි මට චෝදනා කරන අයට මම කියන්නේ අද රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ තරම කවරාකාරදැයි ප්‍රායෝගිකව සොයා බලන ලෙසයි. මේ විදියට ජනවාරි අට වැනි දාට පෙර ජනපතිට කතා කළා නම් ඔවුනට සිදුවන දේ මා අමුතුවෙන් කිව යුතු නෑ.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අස් වුණොත් හොඳ නේදැයි මම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇසුවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ප්‍රශ්නය ගැන මතු වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිට මම කිව්වේ ඔබට රටේ හොඳ නමක් තිඛෙනවා. එහෙයින් බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන ලෙස කියන්න යනුවෙන්.


මහින්ද රාජපක්ෂ අනාගතයේ දී දිගටම පරාජය වෙනවා. යළි පරදිනවා. ජනවාරිට අට වැනි දා පරාජය වුණා වගේ. මහින්ද රාජපක්ෂට නාමයෝජනා දීම ගැන මම තදින්ම විරුද්ධ වුණා. මම ඒ පිළිබඳව දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැන්නන්ටත් දැන්වුවා.


වැරැද්ද මහින්ද රාජපක්ෂගේ නොවෙයි. ෙජ්.ආර් (ජයවර්ධන) ඇති කළ ක්‍රමයේ වරදයි. එක එක්කෙනාට බනින්න එපා. වැරැද්ද තියෙන්නේ මේ ක්‍රමයේයි. 2010 මැතිවරණයේ දී ජය ගැනීමට එජාපයට බැරි වුණා. ඊට පෙර දිනා ගත් ආසන රැක ගන්න බැරි වුණා.


මම අනාගත වත්‍රෘවරයෙක් නොවෙමි. එහෙත් ඉතිහාසය පදනම් කරගෙන අනාගතේ සිදුවන දේ මට කිව හැකියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බේද බින්න කිරීමට මට ඕනෑ කමක් තිබුණේ නෑ. පක්ෂ සභාපති කමෙන් අයින් වෙන්න පියවර ගත්තෙත් නෑ. මහින්ද රාජපක්ෂට නාම යෝජනා දීමට එරෙහිව මම ලිඛිතව විරෝධය පළ කළා. 


මට ඕනෑ මගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන පාර්ලිමේන්තුවක්. ජනවාරි අට වැනි දා ඡන්දය ජය ගත්තේ ඒ පොරොන්දුව මතයි. එහි දී පක්ෂය කුමක්දැයි මම කල්පනා කළේ නෑ. රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය ගිලී යනු දැකීමට මට ඕනෑ කමක් තිබුණේ නෑ. අගමැතිට එරෙහිව

විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වූ පසු පාර්ලිමේන්තුව විසිරැවූයේ ඒ නිසයි.  ඔවුන්ගේ සැලසුම වූයේ මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු කර අගමැතිකම ඔහුට බාර දීමයි. ඒ සියලූ උත්සාහයන් මා පරාජය කළා.


මමට විවේචනයට විවෘතයි. විවේචනය මා අගය කරනවා. මට ඕනෑ මහා මැතිවරණයක්. ඡන්දයක් දිනා ගැනීමට උත්සාහ කරන පක්ෂයක් නොවෙයි. ජනවාරි අට වැනිදා මම රටට දුන් ප්‍රතිපත්ති පිළිපදින රජයක් මට ඕනෑ.


මහින්ද රාජපක්ෂ සමඟ මගේ ඇයි හොඳයියක් නෑ. ඔහුට එරෙහි මගේ ස්ථාවරය එහෙමමයි. එහි වෙනසක් නෑ. මම මහින්ද රජපක්ෂට විරුද්ධයි. මහින්ද රාජපක්ෂ දැන් උත්සාහ කරන්නේ අගමැති වීමටයි. ශ්‍රීලනිපය ඡන්දයෙන් ජයගත්තොත් අගමැතිකමට පත් කිරීම සඳහා ඕනෑ තරම් ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා.


මේ ඡන්දයේ දී මම මධ්‍යස්ථව ඉන්නවා.සාධාරණ හා නිදහස් මැතිවරණය ක් පැවැත්වීමට බලධරයනට උදව් කරනවා. ඔබ වෙනුවෙන් දිනා දුන් ප්‍රජාතන්ත්‍රවාදය නැති කර ගන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදය අපහරණය කරන්න එපා..

 
Related Posts with Thumbnails