Ads 468x60px

.

ෆේස්බුක් එකේ පොලිසියත් එක්ක වචන හුවමාරු කල නෝනා පොලිසියෙන් අල්ලලා - වීඩියෝ


පොලිස් නිලධාරියාගේ හෙල්මට් එකත් අරන් ගිහින්

පසුගිය කාලය පුරාම අන්තර්ජාලය ඔස්සේ පොලිස් නිලධාරීන් හා රියදුරන් අතර මහමඟදී සිදුවූ උණුසුම් වචන හුවමාරු පිළිබඳව විවිධ විඩියෝ මඟින් ඔබට දකින්නට ලැබෙන්නට ඇති.

එලෙසින්ම සුපිරි මෝටර් රථයකින් පැමිණි කාන්තාවක් විසින් පොලිස් නිලධාරීන් සමඟ උණුසුම් වචන හුවමාරුවක නිරතවන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට, ෆේස්බුක් මෙන්ම යූටියුබ් ඔස්සේ බොහෝ
පිරිසක් අතර හුවමාරු වෙමින් පවතිනවා.

කාන්තාවගේ රියදුරු බලපත්‍රය පොලිස් නිලධාරීන් විසින් ලබාගත් බව කියමින් ඇය එම ස්ථානයේ  දැඩිව කතාබහක නිරතවන අතර පසුව පොලිස් නිලධාරියෙකුගේ හෙල්මට් එකද රැගෙන ඇය වාහනය වෙත යන අයුරු එම ස්ථානයේ සිටි අයෙක් ජංගම දුරකථනයේ වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

එලෙස අන්තර්ජාලයට එක්කර තිබූ වීඩියෝව පහතින්.....

 
එහි තවත් පුවත් පහතින් 

දඩ කොලයක් ලියුවාට උරණ වූ කාර් එකේ නෝනාව පොලිසිය අද අල්ලලා

දඩ කොළයක් ලියන අවස්ථාවක පොලිසිය සමග වාදයකට පැටළුණ කාන්තාවක කෝපයට පත්ව පොලිස් නිලධාරීන්ගේ උපකරණ පැහැරගැනිමේ සිද්ධියක් නිසා අද පොලිස් අත්අඩංගුවට පත්වුණා.

මාලඹේ ප්‍රදේශයේදී පසුගිය දිනෙක රාත්‍රී කාලයේ උකුලේ තබාගත් දරුවකු එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් රිය පැදවූ බව කියන මෙම කාන්තාව පදවාගෙන ගිය බීඑම්ඩබ්ලිව් කාර් රථය පොලිස් නිලධාරීන් විසින් නවතා ඇයට දඩ කොළය ලියූ අවස්ථාවේ ඇය මේ ආකාරයට නැවතීම ගැනත් රියදුරු බලපත් ලබාගැනිම ගැනත් විරෝධය පළකර තිබුණා.

එම අවස්ථාවේ කෝපයෙන් කෑගසමින් කථා කළ එම කාන්තාව සිය කෝපය හැගවිම සඳහා රථවාහන පොලිසියේ දෙදෙනකු ළඟ තිබූ පොලිස් ලිපි ලේඛනද හිස් වැස්මක්ද පැහැරගෙන ගිය බව පැවසුණා.


සිද්ධිය අවස්ථාවේ ඇගේ සැමියාද වාහනයේ සිටි අතර අසනීප වූ දරුවා බලාගෙන සිටි නිසා ගැටලූව කථාකරන්නට සැමියා මැදිහත්වූයේ නැත.


මෙම සිද්ධියේ ජංගම දුරකථන වීඩියෝවක් පසුගිය දිනවල අන්තර්ජාලයේ පළව තිබුණා. අද එම කාන්තාව හා ඇගේ සැමියා තලංගම පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තා.


පොලිස් සැරයන්වරයකු ළඟ තිබූ පොත්පත් රියදුරු බලපත් ආදියද පොලිස් හෙල්මටයද පැහැරගෙන යාම ඇයට එරෙහි චෝදනාවයි.


ඇගේ සැමියා පොලිසියට පැමිණ සිය බිරිය කළ දේ ගැන කනගාටුව පළ කරමින් පොලිස් පොත් හා හෙල්මටයද පොලිසියට බාරදී තිබුණ අතර ඔහු කියා ඇත්තේ බිරිය අසනීප ගතියෙන් පෙළෙන බවකි.


කෙසේ වෙතත් මොවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඇය උසාවියට රැගෙන යන අවස්ථාවේ  බවට පැවසෙන
හිරු වීඩියෝව පහතින් නරඹන්න....

 
Related Posts with Thumbnails