Ads 468x60px

.

මහින්දගේ අගමැති ධූරයට ආශිර්වාද ඉල්ලා ශිරන්ති රංවල දෙයියෝ යදී (පින්තුර)


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට ආශිර්වාද ඉල්ලා හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය රංවල දෙවියන්ට පූජාවක් පවත්වා තිබෙනවා.

මේ පූජාව සංවිධානය කර ඇත්තේ මෙවර මහ මැතිවරණයට එජනිස තරගවදින තවත් අපේක්ෂකයෙක් වන උපාලි ගුණරත්න මහතායි.

රංවල දෙයියෝ අප්පු සිංඤෝයි

ජනප්‍රවාද අනුව රංවල දෙවියන් සේ සලකුණු ලබන්නේ අප්පු සිංඤෝ නම් තොටියෙකි. ඔහු කැළණි නදියේ රංවල තොටුපලේ තොටියා බව

පැවසේ.

මේ තොටියා 1862 දී මිය ගොස් ඇති බවත්, ඔහු මියයාමෙන් පසුව අවිස්සාවේල්ලේ, පුවක්පිටිය ප්‍රදේශයේ දේවාලයක් ඉදි කර ඇති බවත් පැරණි ජනප්‍රවාදවල දැක්වේ.

රංවල දෙයියො කැළණි ගඟට රං හලයි

වසර 2012 දී පූගොඩ කුමාරිමුල්ල ප්‍රදේශයේ වැලි තොටුපළකින් හිටිහැටියේම රත්‍රන් මතුවීමට පටන්ගැනීමත් සමඟ විශාල ආන්දෝලනයක් සිදුවූ අතර එසේ හදිස්සියේ රන් මතුවූයේ රංවල දෙයියෝ එම පෙදෙසේ දුක්විදින ජනයා ගැන සිතා ඟගට රත්තරං දැමීම නිසා යැයි රාවයක්ද පැතිර තිබිණි.



 
Related Posts with Thumbnails