Ads 468x60px

.

මහින්ද ඒකාන්තයෙන්ම පරදිනවා, ඉදිරියේදී සිරගතවීමටද සිදුවිය හැකි - ඉන්දික තොටවත්ත


ජනවාරි අටවැනිදා පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ගෙදර යැවූ දෙවියන් ඔහුට නැවත බලයට ඒමට ඉඩ නොදෙන බව ජ්‍යොතිෂ්‍ය වේදී ඉන්දික තොටවත්ත මහතා පවසනවා. සන්ඩේ ලීඩර් පුවත්පතට ඔහු මේ බව පවසා තිබෙනවා.

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක මත ප්‍රකාශ කළ දෘශ්‍යාබාධිත ජ්‍යොතිෂ්‍යවේදියෙකු වන ඉන්දික තොටවත්ත මහතා පසුගිය ජනාධිපති වරණයේදීද මෙවැනි ප්‍රකාශයක් සිදුකළේය. ඔහු එහිදී ප්‍රකාශ කළේ

අනිවාර්යයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වන බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයේදී පරාජයට පත්වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ එකම ජ්‍යොතිෂ්‍යවේදියාද ඔහුය.

තමා හැමවිටම සත්‍යය ප්‍රකාශ කරන බවත්, මුදල් උපයාගැනීමේ අරමුණින් තම අනාවැකි අලෙවි නොකරන බවත් තොටවත්ත මහතා ප්‍රකාශ කරයි.

'මම ජනතාවට වංචා කරන්නෙ නෑ. මම ජනතාවගේ අනාගතය සම්බන්ධයෙන් තොරතුරු ප්‍රකාශ කරනවා. මේ රටේ සිටින සමහර ඊනියා ජ්‍යොතිෂ්‍යවේදීන් වගේ මුදල්වලට යටවෙලා මහින්ද වෙනුවෙන් බොරු අනාවැකි කියන්නේ නැහැ. ඔවුන් රාජපක්ෂ මහතාගේ ග්‍රහචාරය කොපමණ බලවත්ද හා ඉදිරි මැතිවරණය ජයගන්නා බවට කරන ප්‍රකාශ අහල පුදුමයට පත්වුණා වගේම ඒ ප්‍රකාශ ගැන පිළිකුළක් දැනුනා. 


ඒගොල්ලො මහින්ද රාජපක්ෂට රාජයෝග තිබෙන බවට බොරු අනාවැකි ප්‍රචාරය කරමින් සිටිනවා. එක්කො මේ ඊනියා ජ්‍යොතිෂ්‍යවේදීන් මහින්දට වැරදි ලග්නයක් ලබාදීල තියෙනවා එහෙම නැත්නම් මේ රටේ ජනතාව රැවටීමට ඔවුන් වැරදි අනාවැකි ප්‍රකාශ කරනවා' යනුවෙන් එම පුවත්පතට පවසා තිබේ.

ජනවාරි අටවැනිදා බහුතර ජනතාව විසින් ගෙදර යැවූ රාජපක්ෂ නැවතත් කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෝ බලයට පැමිණීමට උත්සාහ කරන බවත් ඉදිරි මැතිවරණයේදී නැවතත් ජනතාව ඔහු ජනතාවගෙන් පාඩමක් ඉගෙන ගන්නා බව ඒකාන්ත යැයිද තොටවත්ත මහතා පවසයි.


රාජපක්ෂ මේ සූදානම් වන්නේ පිලිපීනයේ ඒකාධිපති පාලක පර්ඩිනැන්ඩ් මාර්කෝස් ජනතාවගෙන් ඉගෙන ගත් පාඩම් ඉගෙනගැනීමට බව තොටවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ජනවාරි අටවැනිදා බහුතර ජනතාව විසින් ඔහුව ගෙදර යැවීම ගැන ජනතාවට ස්තුතිවන්ත වියයුතුයි. ඔහුගේ උපන් වේලාවට අනුව දැන් ජනප්‍රියතාවය ඉතා සීග්‍රයෙන් පිරිහෙමින් පවතිනවා. 


ඒවගේම ඉදිරියේදී සිරගතවීමටද සිදුවිය හැකියි. ඔහුගේ ඉරණම පිලිපීනයේ මාකෝස් තරම් නරක නැහැ. නමුත් මේ රටේ බහුතර ජනතාව තවදුරටත් මහින්ද රාජපක්ෂ නායකයෙකු ලෙස පිළිගන්නට සූදානම් නෑ.

ඉන්දික තොටවත්ත මහතා ප්‍රකාශ කරන්නේ තමාට අවශ්‍යවූවා නම් මහින්ද රාජපක්ෂ පරාජය වනබව ප්‍රකාශ කිරීමෙන් පසු ඔහුගේ ප්‍රකාශය නැවත වෙනස්කර මහින්ද දිනන බව කියමින් දින කිහිපයක් තුළ කෝටිපතියෙකු වීමට හැකියාව තිබූ බවයි.

'පසුගිය ජනාධිපතිවරණයේදී බොහේ ජ්‍යොතිෂ්‍යවේදීන් රාජපක්ෂ ජයග්‍රහණය කරන බව ප්‍රකාශ කළ අතර මම එයට ප්‍රතිවිරුද්ධ අනාවැකියක් පැවසූ නිසා ඔවුන් මාව කොන් කරල තිබුණා. 


නමුත් මම එයින් කළකිරීමට පත්වුණේ නෑ, මොකද මම දැනගෙන හිටියා මම ප්‍රකාශ කරන්නෙ මොනවද යන්න පිළිබඳව. ඒ වගේම මට විශ්වාසයක් තිබුණා මම කියන්නෙ ඇත්ත කියලා'

ශරීරයෙන් කුඩා වුවද ප්‍රසිද්ධ පුද්ගලයෙකු නොවුවද ඒ මොහොතේ රාජපක්ෂ පරාජයට පත්වන බව නොබියව ප්‍රකාශ කිරීමට තරම් තොටවත්ත මහතා එඩිතර විය.

'මම මුහුණදීමට සිදුවන අනතුර දැන දැන සත්‍යය ප්‍රකාශ කළා. ඒ ඇත්ත තිත්තයි කියල දැනුවත්ව. අනෙක් ජ්‍යෙතිෂ්‍යවේදීන් වගේ ජනතාව රවට්ටල මුල්වලට අනාවැකි කියන්න මට අවශ්‍යතාවයක් තිබුණෙ නෑ. මේ නිසා ඇතැම් රූපවාහිනී නාළිකා ඔවුන්ගේ ජ්‍යොතිෂ්‍ය වැඩසටහන් වලට මාව සම්බන්ධ කරගන්නවත් කැමති වුණේ නැහැ.'

පුද්ගලයාගේ කර්මය අනුව සියල්ල සිදුවන බවත් කාලයක් ජීවත් වන්නේද කෙටි කලකින් මියයන්නේද යන්න කර්මයට අනුව තීරණය වන බවත් තොටවත්ත මහතා සඳහන් කළේය.

රාජපක්ෂ පරාජයට පත්වන බවට අනාවැකි පළකළ අවස්ථාව සම්බන්ධ යෙන් විමසූ විට සිනහවෙමින් තොටවත්ත මහතා මෙසේ ප්‍රකාශ කර තිබේ. 'රාජපක්ෂ මහතාගේ පරාජය සම්බන්ධයෙන් පළමුවෙන්ම අනාවැකි පළකළ අවස්ථාවේ පටන් එය නැරඹූ බොහෝ දෙනා මගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියා. 


මගේ ජීවිතයට යම් අනතුරක් සිදුවේයැයි ඔවුන් බියට පත්ව සිටියා. මා වෙනුවෙන් පෙනීසිටි ඔවුන් සියලුදෙනාට මා ස්තුතිවන්ත වෙනවා.'

තොටවත්ත මහතා පුවත්පත සමග සිදුකළ සාකච්ඡාවේදී ඔහු කළ අනාවැකිය මුදල් ලබාදී හෝ බලපෑම් කර හෝ වෙනස් කිරීම සඳහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් උත්සාහය සම්බන්ධයෙන් ද සඳහන් කර තිබේ.

'මම මගේ වෘත්තිය මුදලට විකුණන ජ්‍යොතිෂ්‍යවේදියෙක් නෙවෙයි. බොහෝදෙනා දන්නවා මම මුදලට අනාවැකි නොකියන බව. ඒවගේම මුදලට අනාවැකි කියන පුද්ගලයන් සිටිනවා. ඇයි ඔවුන්ට බැරි මේ වැදගත් වෘත්තිය කෙලසන්නෙ නැතිව වෙනත් වෘත්තියක් තෝරාගන්න.


මම හිටපු ආරක්ෂක ලේකම්වරයාට කිව්වා මම මුදලට විකිණෙන හෝ බලපෑම්වලට යටත් වන, ඒ බලපෑම් හමුවේ අනාවැකි වෙනස් කරන පුද්ගලයෙක් නොවන බව.'
 
Related Posts with Thumbnails