Ads 468x60px

.

බී.එම්.ඩබ්ලිව් රථය පැදවූ කාන්තාව රිය පැදෙව්වේ බබාට කිරිදෙන ගමන් ලු....!


සුපිරි බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි කාන්තාවක් විසින් පොලිස් නිලධාරීන් සමඟ උණුසුම් වචන හුවමාරුවක නිරතවන අයුරු දැක්වෙන වීඩියෝවක් සහිත පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම වීඩියෝව මාධ්‍ය ගණනාවක් ඔස්සේ ආන්දෝලනයක් ඇති කළ අතර පොලිස් නිලධාරීන් සමග බහින් බස්වූ බී.එම්.ඩබ්ලිව් රථය පැදවූ එම කාන්තාව ගැනත් එම සිද්ධිය ගැනත් අප්‍රකට තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණයවී තිබෙනවා.

38 හැවිරිදි චමිලා ගයානි අමරසිංහ නමැති ඇය දැරියන් දෙදෙනෙකුගේ මවකි. වැඩිමල් දියණිය පාසල් යන වයසේ පසුවන අතර දෙවැනි දියණියට වයස මාස දෙකහමාරකි.


මාලබේ පිට්ටුගල ස්ලිට් ආයතනය ආසන්නයේ රථ වාහන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු හා බහින්බස්වීමේ සිද්ධිය සිදුවී ඇත්තේ මින් දින දෙකකට පමණ පෙර සවස 7 ට පමණය. ඇය එම අවස්ථාවේ මාළඹේ

ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියකට සහභාගීවූ වැඩිමල් දුව එය නිමාවූ පසු කැටුව කඩුවෙල පිහිටි නිවසට යමින් සිටියා. 

එම අවස්ථාවේ සැමියා හා බාල දියණියද වාහනයේ සිට ඇත. වැඩිමල් දියණිය සමග සැමියා සිටින අතරේ සිද්ධිය සිදුවන්නට ටික වේලාවකට පෙර මව් කිරි බීමට උවමනාවූ ඇගේ වයස මාස දෙකහමාරේ බාල දියණියට කිරි පොවන්නට ඇය කටයුතු කර තිබෙනවා. 

එම අවස්ථාවේ නිවසට යාමේ හදිසියත් දැරියට කිරි නැතිව කෑගැසීමත් නිසා ඇය දැරිය වම්පසින් ළං කර තුරුළු කරගෙන කිරිදෙමින් දකුණු අතින් වාහනය පදවා තිඛෙනවා.

මාළඹේ රථවාහන පොලිස් නිලධාරීන් මෙම අසාමාන්‍ය රිය පැදවීම නිසා වාහනය නතර කර ඇත. නමුත් ස්වභාවයෙන්ම කුකුළු කේන්තිකාරියක බව කියන ඇය පොලිස් නිලධාරීන් හා දිගින් දිගටම බහින් බස් වුණා. මේ අතරවාරයේ දැරියන් දෙදෙනා බලාගෙන පැත්තකටවී සිටි සැමියා එම ආරවුලට මැදිහත්වූයේ නැත.

කෙසේ නමුත් පසුව ඇය අත්අඩංගුවට පත්වූයේ පොලිස් නිලධාරීන්ගේ හිස්වැසුමක් හා ලිපිලේඛන සොරාගැනීමේ වරදටයි. ඇයගේ රියදුරු බලපත රැගෙන යන්නට හැදුවාට එකට එක කරන්නට ඇය ඔවුන්ගේ එකී භාණ්ඩ පැහැරගෙන තිබුනේ නීතියට ගරු නොකරයි.

මෙම සිදුවීම ඇතුළත් දර්ශන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ වීමෙන් පසු ඒ ගැන විශාල කථාබහක් ඇතිවුවත් එහිදී වැඩි වශයෙන් කථාවූයේ ඇය පැදවූ වාහනය බීඑම් ඩබ්ලිව් වර්ගයේ එකක් වීම නිසා ඇය ආඩම්බරකාරියක වී පොලිසියට පාට් දැමූ බවකි.

කඩුවෙල ප්‍රදේශයේ ඇයට නිවසක් හිමිව තිබුණ නමුත් ඇගේ ස්ථීර පදිංචිය කොළඹ 5 කස්සප පාරේ බවද අනාවරණය වුණා.

මාළඹේ පොලිසිය ඇය ඊයේ අත්අඩංගුවට ගත්තා. මෙම සිදුවීමට අදාළව තලංගම පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් දන්වා තිබුණේ රජයේ දේපොළවලට අනර්ථයක් කිරීම, සොරකම් කිරීම සහ පොලිසියේ රාජකාරියට මෙම කාන්තාව බාධා කළ බවය. 


මේ වනවිට ඇය ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඇයට රථය පැදවීමට ඉඩදුන් චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ සැමියා මුදා හැරුණේ රුපියල් ලක්ෂයක ඇපයක් මතයි.

මේ අතර ඇයට මානසික ආබාධ තත්වයක් ඇති බවත් ඇය එලෙස හැසිරුනේ ඒ නිසා බවත් සැමියා ප්‍රකාශ කළ නිසා සැකකාරිය මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය පොලීසියට නියෝග කළා.



සිද්ධිය සම්බන්ධ පෙර පුවත සහ වීඩියෝව පහතින්
ෆේස්බුක් එකේ පොලිසියත් එක්ක වචන හුවමාරු කල නෝනා පොලිසියෙන් අල්ලලා - වීඩියෝ
 
Related Posts with Thumbnails