Ads 468x60px

.

මැදමුලන මූකලානට වෙලා ඉන්න දෙන්නැතුව මූට නොමිනේෂන් අරන් දීලා අපි කර ගත්ත කරුමයක්'


පසුගියදා කොළඹ 05, කැප්පෙටිපොල මාවතේ හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරාගේ නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගේ සුපුරුදු කුණු හරුප භාෂාවෙන් බැණ වදිමින් එක්සත් ජනතා සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු නාම යෝජනා මණ්ඩලයේ සාමාජිකයන් ඉදිරියේ යකා නටා ඇති බව එවේලෙහි එම ස්ථානයේ උන් පුද්ගලයෙක් අප වෙත පැවසීය.

තමා දුමින්ද සිල්වාගේ නාම යෝජනාවට එරෙහි වුනු බව දුමින්දගේ සොයුරු රේන සිල්වාට ආරංචිවීම නිසා ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට පහරදීමට හිරු මාධ්‍යජාලය තීරණය කර ඇති බව දැනගෙන

ඇති මහින්ද රාජපක්ෂ මෙම රැස්වීමට පැමිණ වහාම දුමින්ද සිල්වාට නාම යෝජනා ලබාදිය යුතු බවට නාම යෝජනා මණ්ඩලයට නියෝග කොට තිබේ. 

එවිට සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා ඇත්තේ ‘තමුන්නාසෙම නේද දුමින්දව කපන්න කිව්වෙ රේන යූඑන්පී කාරයෙක් කියල. දැන් මොනවද මේ කියවන්නෙ? අපි දැන් ලැයිස්තු ෆයිනලයිස් කරල ඉවරයි. මීට එහාට මොකුත් කරන්න බෑ' කියාය.

එසේ පවසත්ම මහින්ද රාජපක්ෂ විසින් ඔහු ළඟට ගොස් මුහුණට පාරවල් කීපයක් එල්ල කොට තිබේ. සුසිල් ප්‍රේමජයන්ත අත තිබුණු ෆයිල් බිම අතහැර දමා දෑතින් ඔලුව බදාගෙන වාඩිවී ඇත. 


පසුව කීප දෙනෙකු හිටපු ජනාධිපතිවරයා පලමු මහලේ සිට බිම් මහලට කැඳවා ගෙන ඇවිත් පිලියන්දල ප්‍රදේශයේ රැස්වීමක් කරා පිටත් කොට තිබේ. පසුව සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ තත්වය අසතුටුදායක හෙයින් ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා නවලෝක රෝහලට ඇතුළත් කොට ඇත.

මෙසේ එක්සත් සන්ධානයේ මහලේකම්වරයා නවලෝක රෝහලට ඇතුලත් කළ බව දිනේෂ් ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා විසින් මහින්ද රාජපක්ෂට දැනුම් දී තිබේ. පිලියන්දල ප්‍රදේශයේ රැස්වීම් වේදිකාවේ සිටි මහින්ද රාජපක්ෂ තක්කුමුක්කු වී වහා නවලෝක රෝහලට පැමිණ ඇත්තේ වැඩේ දුරදිග ගියොත් තමා අමාරුවේ වැටෙන බවදන්නා හෙයිනි.


නවලෝක රෝහලට පැමිණි හිටපු ජනාධිපතිවරයා සුසිල් ප්‍රේමජයන්ත අසලට ගොස් සමාව අයැද ප්‍රශ්නය අමතක කරන ලෙස බැගෑපත් වී ඇත. සුසිල් ඊට කිසිවක් කියා නොමැත. 

හිටපු ජනාධිපතිවරයා ඉවත්ව ගිය පසු සුසිල් ප්‍රේමජයන්ත ළඟ සිටි පුද්ගලයෙකුට පවසා ඇත්තේ ‘මේ යකාව නම් කවදාකවත් හදන්න පුළුවන් එකෙක් නෙමෙයි. මැදමුලන මූකලානට වෙලා ඉන්න දෙන් නැතුව මූට නොමිනේෂන් අරන් දීලා අපි කර ගත්ත කරුමයක්' කියාය.

එහි හිරු වීඩියෝව පහතින්.

 
Related Posts with Thumbnails