Ads 468x60px

.

රවි කරුණානායකගේ බ්ලූමැන්ඩල් රැස්වීමේ වෙඩි ප්‍රහාරයක් - කාන්තාවක මරුට දෙකකට බරපතලයි


වෙඩි තිබ්බේ 'රවීගේ' ඡන්ද වැඩකට - මෙන්න ඡායාරූප සියල්ල

කොළඹ 13 බ්ලුමැන්ඩල් පාරේ අද(31) උදෑසන පැවති ඇමති රවි කරුණානායක සහභාගීවූ එජාපෙ ප්‍රචාරක රැළියකදී වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. මෝටර් රථ දෙකකින් පැමිණි නාඳුනන
පිරිසක් විසින් ටී 56 ගිනි අවි භාවිත කර මෙම වෙඩි තැබීම සිදු කර ඇත. 

මෙම සිද්ධිය නිසා එහි සිටි ආධාරකරුවන් පිරිසකට වෙඩි වැදී ඇති අතර 12 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. වෙඩි වැදුණ අය අතර කාන්තාවන් හා පිරිමින් සිට ඇත. 

සිද්ධිය නිසා වෙඩි වැදුණු එක් මැදිවියේ කාන්තාවක ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවත් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවත් ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා. සිද්ධිය වූ ස්ථානයේ වෙඩි උණ්ඩ තවමත් විසිර ඇත.





 





සිද්ධිය සම්බන්ධ ඉදිරි විස්තර බලාපොරොත්තු වන්න.
 
Related Posts with Thumbnails