Ads 468x60px

.

මිනී සූට් කේස් එක අරන් යන ලැගුම් හලේ සීසීටීවී දර්ශන...!


ඊයේ උදෑසන ආන්දෝලනයක් ඇති කරමින් පිටකොටුව බැස්ටියන් මාවතේ බස් නැවතුම්පළේ ගමන් මල්ලක තිබී හමුවූ මළ සිරුර අනියම් සම්බන්ධයක ඛේදනීය ප්‍රතිඵලයක් බවට තොරතුරු මේ වනවිට අනාවරණයවී තිබෙනවා.

මාධ්‍ය ඔස්සේ පළ කළ ඡායාරූප හඳුනාගෙන එම කාන්තාව නැවතී සිටියායයි කියන කොළඹ ප්‍රදේශයේ ලැගුම් හළක කළමනාකරුවෙකු
පොලිසියට ලබාදුන් ඇමතුම් ඔස්සේ ඇය ගැන තොරතුරු හෙළිව

තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ ඇය යාපනය - වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි විවාහක කාන්තාවක බවට තොරතුරු තහවුරු කරගෙන ඇති බවයි.

ඇගේ සැමියා විදේශ රැකියාවක නිරත වන බවත් ඇය සැමියා විදෙස්ගතවූ පසුව වෙනත් පුද්ගලයෙකු සමග අනියම් ඇසුරක් අරඹා තිබුණ බවත් හෙළිවී ඇත. පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී ඇගේ නිවැසියන් ප්‍රකාශ කර ඇත්තේ එම පුද්ගලයා සමග ඇය මින් සතියකට පමණ ඉහතදී කොළඹට පැමිණි බවට තොරතුරු තිබුණ නමුත් ඉන්පසු ඇය ගැන ආරංචි නොමැතිවූ බවකි.


ඇය ඔහු සමග කොළඹ ලැගුම්හළක නැවතී පසුගිය දිනවල කාලය ගත කර තිබුණ බවටද තොරතුරු වාර්තාවී ඇත. ලැගුම් හල් හිමියා පොලිසියට එහි ඇතුළත සීසීටීවී වාර්තාද ලබාදුන් අතර ඒවායේ සටහන් වන අන්දමට එම අනියම් පෙම්වතා ඇයව මරා බෑගයට දමා අමාරුවෙන් එය රැගෙන යන ආකාරයද සටහන්ව ඇත. මෙම දෙදෙනා එම ලැගුම් හළේ දින 9 ක් ගත කර ඇති බවද කළමනාකරු පවසා ඇත.

ඇගේ මළ සිරුර තිබී හමුවූ සූට්කේසය ඇය නිවසින් රැගෙන ගිය එක බවටද තොරතුරු හෙළීවී ඇත. එහි තිඛෙන ඇඳුම් ඇය පරිහරණය කළ ඒවා බව වාර්තා වේ. ඇගේ ඥාතීන් සැකකරන්නේ ඇය අනියම් ඇසුර පැවැත්වූ පුද්ගලයා සමග ඇතිවූ ආරවුලක් නිසා මෙම මිනීමැරුම සිදුවන්නට ඇති බවකි.



සැකකරු සිටින්නේ කොහිදැයි තවම අනාවරණයවී නැත. එම පුද්ගලයා සොයා පොලිස් පරීක්්ෂණ ආරම්භ කර ඇත. ලැගුම් හළේදී ඇගෙ මළ සිරුර සහිත බෑගය පිටතට ගෙන ගිය අවස්ථාවේ News First සීසීටීවී දර්ශන පහතින්.



මීට‍ පෙර ලබා ගත් හිරු වීඩියෝ පහතින්.



 
Related Posts with Thumbnails