Ads 468x60px

.

උඹගේ වේස වැඩ හින්දා මට පාරේ බැහැල යන්න බැරි කරන්න එපා කිව්වයි - සල්ලාල අක්කා හතර දෙනෙකුට දුෂණය කරන්නට සැලැස්සු සිසුවිය...


අම්බලන්ගොඩ මීටියාගොඩ තරුණයින් පිරිසක් විසින් 15 හැවිරිදි පාසල් සිසුවියක සමූහ දූෂණයට ලක්කරන ලද සිද්ධිය පිළිබඳ තවත් අලූත් තොරතුරු මේ වනවිට අනාවරණයවී තිබෙනවා.

මෙම දැරියගේ පෙම්වතාගේ සොහොයුරියගේ පෙළඹවීම ඇයව සමූහ දූෂණයට ලක් කර තිබුනේ පුද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමටයි.


සමූහ දූෂණය සිදු කරවූ කාන්තාව විවාහයක් සිදු කරගෙන පසුව දික්කසාදවී කලින් කලට එක් එක් පුරුෂයන් ඇසුරු කරමින් සල්ලාල ජීවිතයක් ගෙවමින් සිටි කාන්තාවකි. ඇයත් ඇගේ බාල සොයුරාත්

පවුලේ අය සමග වාසය කර ඇත්තේ දික්වැල්ල ප්‍රදේශයේ නිවසකයි.

බාල සොයුරා පාසල් දැරිය සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වන බව මෙම කාන්තාව දැනගෙන සිට ඇති අතර අවස්ථා කිහිපයකදීම ඇය සමග මෙම පාසල් දැරිය පෙම්වතාගේ දුරකථනයෙන්ද කතා බහ කර තිබෙනවා.

මෙම කාන්තාවගේ සල්ලාල ජීවිතය ගැන ඇගේ සොයුරා මෙන්ම පාසල් දැරියද කැමැත්තකින් සිට නැත. මේ අතර වාරයේ පාසල් දැරිය දන්නා හඳුනන ඥාතියෙකු සමග මෙම කාන්තාව අනියම් ඇසුරක් පවත්වන්නට උත්සාහයක් දරා
තිබෙනවා. ඒ ගැන ආරංචිය පාසල් දැරියගේ කණ වැකුණු පසු ඇයට කේන්තිගොස් තිබෙනවා

ඇය ඉදිරියට පෙම්වතාගේ පවුල සමග සම්බන්ධ වෙන්නට අදහස් කරමින් සිටි නිසා පොම්වතාගේ සොයුරියගේ මෙම හැසිරීම් අනාගතයේදී ප්‍රශ්නයක් විය හැකි බව ඇය සිතා ඇති අතර මේ ගැන කෝපය මතුවූ අවස්ථාවක පාසල් දැරිය කාන්තාව අමතා උඹගේ වේ... වැඩ හින්දා මට පාරේ බැහැල යන්න බැරි කරන්න එපා.. ආදී ලෙස බැණ වැදී තිබෙනවා

මෙම කාරණාව මත පෙම්වතාගේ සල්ලාල සොයුරිය හා පාසල් දැරිය පසුගිය සතියක කාලය තුළ අවස්ථා ගණනාවකදී දුරකථනයෙන් බහින්බස්වීම් සිදු කරගෙන තිබෙනවා. මෙම ආරවුල නිසා සල්ලාල කාන්තාව ඇගෙන් පලිගන්නට කල්පණා කර ඇත්තේ වෙනස් විදිහකටයි. 

ඒ ඇය වරින්වර ඇසුරු කරන ලද පුද්ගලයන්ට පාසල් දැරියව විකුණා දැමීමෙනුයි. පසුගිය 16 වැනි දින සවස දැරිය පදිංචි බටපොළ අඹගහ හන්දිය නිවසට පැමිණ දැරියගේ පෙම්වතා වූ තම මල්ලී වස බී ඇති බවත් ඔහු බැලීමට තමන් සමඟ එන්නැයි මෙම කාන්තාව පැවසූ අවස්ථාවේ පැවති කෝන්තරය ගැන දැරියට අමතකව තිබුණ අතර ඇය වහා කලබලයට පත්ව තිබෙනවා

ඒ අවස්ථාවේ තමන් පමණක් නිවෙසේ සිටි බැවින් අම්මාට දන්වා එන්නම් කීවත් අම්මාට මේවා කියන්න ඕන නෑ. ඔයා ඉක්මනට එන්න මාත් එක්ක යන්න යනුවෙන් පවසා බටපොළ සිට අම්බලන්ගොඩ දක්වා ලංගම බස් රථයකින් දැරිය කැඳමා යන්නට ඇය ක්‍රියා කර තිබෙනවා.

පසුව එම කාන්තාව අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේදී දැරිය ත්‍රිරෝද රථයක නංවාගෙන ඇති අතර එම අවස්ථාවේ මිතුරන් යයි කියාගත් තවත් තරුණයන් කිහිපදෙනෙකු එම ත්‍රීරෝද රියට ගොඩවැදී
තිබෙනවා

ඔවුන් සමඟ ලැගුම්හල් සංචාරක නිකේතන කිහිපයක් වෙත කාන්තාව ගොස් තිබෙනවා. නමුත් ඒවායේ හිමිකරුවන් බාලවයස්කාර දැරිය දැක නවාතැන්දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ හෝ දෛනික කුලියට ලබාගත් වෙනත් ස්ථානයකට කාන්තාව විසින් මෙම දැරිය රැගෙන ගොස් කාමරයකට දමා තමන් කෑම රැගෙන එන තෙක් රැඳී සිටින ලෙස පවසා දොරගුළු දමා යතුර රැගෙන ගියාට පසු තරුණයන් හතරදෙනෙකු යතුරත් රැගෙන කාමරයට ඇතුළු වී මෙම දැරිය දූෂණය කර
තිබෙනවා.

එම කාන්තාව දැරිය රඳවා සිටි කාමරයේ යතුර තරුණයන්ට ලබාදී ඇත්තේ මුදල් රැගෙන බවට පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වුණා. දැරිය දූෂණය කරද්දී ඇයට සිහිසුන් වී
තිබෙනවා.

නැවත ප්‍රකෘති සිහිය පැමි‚ පසු සෙසු පුද්ගලයන් දෙදෙනා වරින්වර උදෑසන වන තුරු අවස්ථා ගණනාවකදීම දැරිය දූෂණයට ලක් කළ බව සැකකරුවන් පොලිසියට පාපෝච්චාරණය කර
තිබෙනවා. දැරියව අතැර දමා ඔවුන් ගිය පසු ඇය අසල්වාසීන්ගේ උදව්වෙන් සිද්ධිය පොලිසියට කියා රෝහල් ගත වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන
තිබෙනවා. සිද්ධියේ ප්‍රධාන සැකකරු රටින් පැනයෑමට තැත් කරද්දී කටුනායක ගුවන්තොටුපොළේදී  අත්අඩංගුවට පත්වූ අතර ඔහු පවසා ඇත්තේ තමා මෙම කෝන්තර කතාව දන්නේ නැති බවත් තමන්ට අලූත් කෑල්ලක් තියනවා.. කියමින් මෙම කාන්තාව දැරිය අලෙවි කළ බවයි.

පොලිස් අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු අම්බලන්ගොඩ මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි ඩුබායිහි සේවය කර නිවාඩුවට පැමිණ සිටි 22 හැවිරිදි චන්න පුතා ලෙසින් හඳුන්වන අයෙකි. 30 හැවිරිදි තිදරු පියකු වන ත්‍රිරෝද රථ රියැදුරෙක් හා 25 හැවිරිදි ධීවරයකු අත්අඩංගුවට පත් අය අතර සිටන බව මීටියාගොඩ පොලිසිය කියයි.



තවත් එක් සැකකරුවකු හා පෙම්වතාගේ අක්කා වන 28 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ඇල්පිටිය පොලිස් අධිකාරී දුල්ෂාන් නාගහවත්ත මහතා කියයි. සිද්ධිය නිසා අසරණ භාවයට පත් දැරිය තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
 
Related Posts with Thumbnails