Ads 468x60px

.

වෛද්‍ය සිසුවිය කැම්පස් පෙම අතැර ප්‍රපෝසල් එකට බැන්ද නිසා අතවර කර ෆොටෝ ගසා ෆේස් බුක් දැමූ පෙම්වතාට වැඩ වරදියි.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක බලහත්කාරයෙන් දූෂණය කර එම අවස්ථාවේ ඇයගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් එම විශ්ව විද්‍යාලයේ ම ශිෂ්‍යයකු පසුගියදා අත්අඩංගුවට ගැනුණා.

මෙම තරුණයා ඇගේ පැරණි පෙම්වතා බවද අධිකරණයේදී හෙළි වුණා.
ලිංගික අතවරයට පත් වෛද්‍ය ශිෂ්‍යාව රහස් පොලිසිය වෙත කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ ඇය රජරට විශ්වවිද්‍යාලයේ අවසන්

වසරේ උපාධිය හදාරන වෛද්‍ය ශිෂ්‍යාවක් බවත්, ඇය 2013 වර්ෂයේදී පමණ සැකකාර සරසවි සිසුවා සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ආරම්භ කර තිබුණ බවකි.

විවිධ නොගැළපීම් හේතුවෙන් එම සම්බන්ධය අතහැර දමන්නට සිදුවූ බවද ඇය පවසා ඇත. කෙසේ වෙතත් අනතුරුව මවුපියන්ගේ උවමනාවට සිදු කළ මංගල යෝජනාවකට අනුව 2015 ජනවාරි මස ඇය වෙනත් අයකු සමඟ විවාහ ගිවිසගෙන තිඛෙනවා.

මේ තීරණයෙන් පසු තමන්ගෙන් ඉවත්ව සිටි පෙම්වතා වරින්වර ඇයට කරදර කරන්නට උත්සාහ කර ඇති බව ඇය පවසා ඇත.

ඇයගේ වෛද්‍ය ශිෂ්‍ය සීමාවාසික පුහුණුව අනුරාධපුර මහ රෝහලේ සිදු කරන කාලයේදී දිනක් මෙම සැකකරු අනුරාධපුර රෝහල අසලට පැමිණ ඇයව බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයකට නංවාගෙන අනුරාධපුර ප්‍රදේශයේම පිහිටි හෝටලයක කාමරයක් වෙත රැගෙන ගිය බවද ඇය පවසා ඇත.

එහිදී ඇයට පහරදී තර්ජනය කර බිය වද්දා ඇය නිරුවත් කර ඡායාරූප ලබාගන්නට පැරණි පෙම්වතා කටයුතු කර තිඛෙනවා. එසේ ඡායාරූප ලබා ගැනීමෙන් පසුව ඇයට විවිධ ලිංගික අතවරයන් සිදුකරන්නට පැරණි  පෙම්වතා කටයුතු කර ඇත. ඔහු පසුව ඇයව මුදාහැර ඇත.


එම සිද්ධිය ගැන කිසිවක් නොකර සිටින්නට වෛද්‍ය සිසුවිය තීරණය කර ඇත්තේ අලූත් විවාහක සැමියාට මෙය ආරංචි වුවහොත් සිදුවිය හැකි හානිය සලකාගෙනය.  කෙසේ නමුත් පැරණි පෙම්වතාගේ තර්ජනකාරී ස්වභාවය ඉන් නැවතී නැත.


පසුගිය අප්‍රේල් මස ඔහු ඇගේ නිරුවත් ඡායාරූප කීපයක් විද්‍යුත් තැපෑල මඟින් ඇය වෙත යොමුකර කියා ඇත්තේ විවාහක තැනැත්තා අතහැර ඔහු සමඟ ලිංගික කටයුතු පවත්වාගෙන යන ලෙසයි. එසේ නොපැමිණිය හොත් එම ඡායාරූප ෆෙස්බුක් මඟින් අන්තර්ජාලයට යොමු කරන බවටද ඔහු තර්ජනය කර ඇත.

කෙසේ නමුත් ඔහුගේ බහට ඇය අවනතවී නැත. එයට පලිගැනීමක් ලෙස ඔහු ඇගේ නිරුවත් ඡායාරූප කියූ ලෙසම අන්තර්ජාලයට මුදාහැර ඇත.
ෆෙස්බුක් එකෙහි හුවමාරුව පිණිස පෙම්වතා වෛද්‍ය සිසුවියගේ නිරුවත් ඡායාරූප - වෛද්‍ය ශිෂ්‍යාවක් වශයෙන් සිටින ඡායාරූප හා තවත් ඡායාරූප කිහිපයක එකතුවකින් ග්‍රැෆික් එකක් නිර්මාණය කර ඇති අතර ඒවා ඇගේ මිතුරු මිතුරියන්ටද සැමියාටද දකින ලෙස හුවමාරු කර ඇත.

එසේ ප්‍රචාරය කළ පරිගණක පිටපත් පැමිණිලිකාරිය විසින් ඇයගේ පැමිණිල්ල සමඟ ඉදිරිපත් කර තිඛෙන බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියා. සැකකරු ලබාගත් ඡායාරූප අන්තර්ජාලයට යොමුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වූ බව රහස් පොලිසිය දන්වා ඇත.

පැමිණිලිකාරියට පහර දීමෙන් අසරණව හඩමින් සිටින අවස්ථාවල හා සිහිසුන්ව නිරුවතින් හෝටල් කාමරය තුළ වැටී සිටින අවස්ථාවලදී, සැකකරු විසින් ලබා ගන්නා ලද ඡායාරූප විද්‍යුත් තැපෑල මඟින් ප්‍රචාරය කිරීම නිසා ඇයට හිංසනයක් සිදු කර තිඛෙන බවට පැහැදිලි සාක්ෂි පොලිසිය සතු බව අධිකරණයේදී අනාවරණය විය.

පොලිසිය මේ සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී, එම අපරාධයට යොදාගත් ඩිජිටල් කැමරාවක්, ලැප්ටොප් පරිගණකයක්, ජංගම දුරකතනයක්, දත්ත බහාලන උපකරණයක් අත්අඩංගුවට ගත් බව දන්වා සිටි රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
 
Related Posts with Thumbnails