Ads 468x60px

.

උපන්දින සාදයේ ඇත්ත මෙන්න..! - හිටපු ඇමති බෝගොල්ලාගමගේ දියණිය හෙළිකරයි..!


හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට පසුගිය කාලයේදී එල්ල වූ චෝදනා කිහිපයක් පිලිබඳ ඔහුගේ දියණිය වන වෛද්‍ය දිල්ෂාණී බෝගොල්ලාගම විසින් දක්වන පැහැදිලි කිරීමක් ඇය විසින් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

තම පියා පිළිබඳව ජනතාව වෙත ඉදිරිපත් කොට ඇති වැරදි සහගත දෝෂාරෝපණ සහ චෝදනා පිළිබඳව කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් එම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරීමට තීරණය කළ බව ඇය පවසා සිටි
නවා.

ඇය විසින් පැහැදිලි කරන කරුණු කෙටියෙන් මෙසේයි,

2008 දී නිව්යෝක්හි පැවැත් වූ ඇගේ උපන්දින උත්සවය වෙනුවෙන් සැකසූ උපන්දින කේක් ගෙඩිය සඳහා ඇමරිකන් ඩොලර් 30,000 ක්

වැය වූ බවත් වොෂින්ටන් වල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් එයට මුදල් ගෙවන ලෙස ඉල්ලා සිටි බවට බෝගොල්ලාගම මහතාට චෝදනා නැගුණා.

ඒ පිලිබඳ අදහස් දක්වන දිල්ශාණි බෝගොල්ලාගම මෙනෙවිය පවසන්නේ 2008 වසරේ ඇගේ උපන්දිනයදා ඇගේ මව්පියන් සමඟ ඇය නිව්යෝක් නගරයට ගොස් සිටි බව සත්‍ය වන නමුත් ඒ සඳහා වැය කළේ ඇගේ පෞද්ගලික මුදල් බවයි. 


ඇය නැවතී සිටි හෝටල් කාමරයට එම හෝටලයෙන් උපන්දින තිළිණයක් වශයෙන් කේක් එකක් ඒවා තිබූ නමුත් ඒ සඳහා තානාපති කාර්යාලයෙන් මුදල් ගෙවීමක් සිදු වූවේ නැති බව බෝගොල්ලාගම මෙනෙවිය පවසා සිටියි. 

එම කේක් ගෙඩියේ වටිනාකම ඩොලර් 30,000 ක් නොවූ බවද මාධ්‍ය වලින් වාර්තා වූවා සේ ඇය වෙනුවෙන් උපන්දින සාදයක්ද එහිදී නොපැවැත්වූ බව ද ඇය සඳහන් කරයි.
 
Related Posts with Thumbnails