Ads 468x60px

.

රතුකුරුසෙ ජීප් එකෙන් සුපර් මාර්කට් ගිය වසීම් රියැදුරු අසුනේදීම දැවී අඟුරු වුනේ කොහොමද.?


අද උදෑසන වළ දමා තිබුණ තැනින් ගොඩගැනුණ මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් පසුගිය රජය සමයේ රිය අනතුරකින් මියගිය බවට පොලිසිය තීරණය කර ඒ ගැන පරීක්ෂණ නවතා තිබී නව රජයෙන් නැවත සොයා බැලූණ පසු ඝාතනයක් බවට හඳුනාගත් මරණයකි.

වසීම්ගේ ඥාතීන්ද මේ ගැන පසුගිය කාලයේ කථාකරන්නට බියවී සිටි බව පැවසුණා. මොහොමඞ් වසීම් තාජුදීන් නමැති මෙම යොවුන් රගර්
ක්‍රීඩකයා පදිංචිව සිටියේ වැල්ලවත්ත මුරුගන් පාරේ නිවසකය. 

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩාකළ වසීම් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකි. 2008 දී ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස සම්බන්ධ වූ ඔහු පසුව කණ්ඩායමේ නායකයා වූ අතර 2009 වසරේ දී ජනප්‍රියම රගර් ක්‍රීඩකයාට හිමි කැල්ටෙක්ස් සම්මානය දිනා තිබුණා.

ලංකාව නියෝජනය කරමින් විදෙස් තරග වලටද ගොස් ඔහු ක්‍රීඩා කර ඇත. ඔහුගේ රගර් පුහුණුකරු ඔහු ගැන මාධ්‍යයට කියා තිබුණේ මෙසේය.

ක්‍රීඩකයකු ලෙස ඔහු ඉදිරියෙන්ම හිටියා. ඔහු හැමෝම එක්ක හොඳින් හිටියා. ඔහු ලංකාවේ කොඩියට හරි ආදරෙයි. තමන්ගේ රට ගැන කැප වීමෙන් සෙල්ලම් කළා. ඔහුගේ දණහිසේ පොඩි ආබාධයක් තිබුණා. ඒ නිසා වසර දෙකක් සෙල්ලම් කරන්න බැරිවුණා. ඔහු 2012 මැයි 16 වැනිදා හදිසියේ සමුගැනීම ඔහුගේ හිතවතුන්ට කම්පනය ඇති කළ ආරංචියකි.

සිද්ධිය දා සන්ධ්‍යාවේ වසීම් සිය නිවසින් පිටත්ව ඇත්තේ නාරාහේන්පිට මිතුරකුගේ නිවසක සාදයකට සහභාගි වන බව කියමිනි. නමුත් නිවැසි යන්ට මැයි 17 වැනිදා උදෑසනම කන වැකුණේ අධික වේගයෙන් ගිය ඔහු වේගය පාලනය කර ගත නොහැකිව නාරාහේන්පිට ප්‍රදේශයේ තාප්පයක හැපී ගිනිගත් බවය.


රියැදුරු අසුනේ සිටි වසීම් දැවී අඟරු වී තබුණ බවද සැලවුණා. කිසිදු පරීක්ෂණයක් නැතිව පොලිසිය මෙය රිය අනතුරකින් සිදුවූ මරණයක් ලෙස වාර්තා කර තිබුණ බවද සැලවුණා. 


වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක හැපී කාරය ගිනිගෙන මරණය සිදුවී ඇති බව සටහන්ව තිබීම ඉන් එහා විමර්ශන සිදු නොවූ බව පැවසුණා.

එම මරණය සැක සහිත බවට ඒ දිනවල වෙබ් අඩවි වාර්තා කර තිබී ඇත. කෙසේ වෙතත් ඉහළ බලපෑම් මත සිද්ධිය යටගිය බවත් ඔහුගේ ඥාතීන්ද ඒ අනුව නිහ~වූ බවත් පැවසුණා.


මියගිය වසීම්ගේ මුදල් පසුම්බිය කිරුලපන පැත්තේ තිබී හමුවීමත් වසීම් රිය අනතුරකින් මිය ගිය ස්ථානයේ සිට එය හමුවූ ස්ථානයට කිලෝමීටර කිහිපයක් තිබීමත් මත පොලිසියට සැකයක් මතුවන්නට අවකාශ තිබුණත් ඒ ගැන පරීක්ෂණ පවත්වා නැත.


වසීම් ගිය කාරය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවී ඔහුව හදුනාගත නොහැකි ලෙස අඟ=රු වන තුරු දැවී තිබුණ බවත් මියගියේ වසීම් බව හඳුනා ගත්තේ ඔහුගේ පාදයක ආබාධයක් නිසා යොදා තිබුණු යකඩ ආධාරකයක් නිසා බවත් පැවසුණා.

සිද්ධිය වූ දිනට පසු දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා නියෝග කළේ සිද්ධිය ගැන විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.


නව රජය බලයට පත්වූ පසු 2015 මාර්තු මාසයේ දී පොලිසිය කීවේ රගර් ක්‍රීඩක වසීම්ගේ අධිකරණ වෛද්‍ය වාර්තාව ආවේ වසර දෙක හමාරකට පමණ පසු බවකි. එහි ඇති යම් යම් දත්ත අනුව වසීම්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවාදැයි සැක සහිත බව පොලිසිය  කීවේය. 


ඒ අනුව වසීම්ගේ මරණය පිළිබඳ පරීක්ෂණ රහස් පොලිසියට පැවැරි‚.
එම පරීක්ෂණයේ දී අනාවරණය වූයේ වසීම්ගේ මරණය සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව හා අධිකරණ වෛද්‍ය වාර්තාව පරස්පර බවයි. එනම් ඉන් එක් වාර්තාවක් කිසියම් හේතුවක් නිසා කාගේ හෝ කීමට වෙනස් කළාදැයි සැකයක් මතුවී තිබුණි.

ඒ අනුව ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගත්තා.එම වාර්තා අනුව වසීම් තාජුදීන් දස වධ දී මරා දමා ඇතැයිද ඔහුගේ දත්, ඉළ ඇට හා පාද කඩා දමා තිබූ බවද ඔහුගේ ගෙලට උල් අයුධයකින් ඇණ ඇති බවද හිසට මොට ආයුධයකින් පහර දී ඇති බවද සොයා ගෙන තිබේ.


පෙම් පලහිලව්වක් නිසා වසීම් මරා දැමූ බවට වාර්තා පළවූ අතර එයට හිටපු ජනපති පුත් යෝෂිතගේ පැරණි පෙම්වතියවූ යසාරා අබේනායකවද සම්බන්ධ කර වෙබ් අඩවි වාර්තා පළවිය.


වසීම්ගේ මරණය සිදුකරවූයේ ආරක්ෂක අංශයකට සම්බන්ධ පිරිසක් ලවා බවටද මේ අතර වාර්තා පළව තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන් පරිදි තාජුදීන් මරා දමා ඇත්තේ දත් කඩා, ඉළ ඇට බිඳ, පාදයේ කලවා පෙදෙසේ අස්ථී ද බිඳ, උල් ආයුධයකින් ඛෙල්ලට ඇන, මොට ආයුධයකින් පහරදී බවට සාධක ඇති නිසා එම සිරුර යළි ගොඩගෙන පරීක්ෂණ කළ යුතු බව ඉල්ලා තිබුණි. ඒ අනුව අද(10) සිරුර ගොඩගන්නා ලදි.

අද සිරුර ගොඩගනිද්දී එදා සිරුරේ අවසන් කටයුතු කළ පුද්ගලයා පවසන ලද තොරතුරු අනුවම සිරුර දකුණු ඇලයට හරවා තිබුණ බවත් පිළිස්සී තිබූ සිරුර ඉටි රෙදි වලින්ද සුදු රෙදි මීටර් 11 කින්ද දවටා මුහුණද වසා තිබූ බවත් වාර්තා වුණා. එම කොටස් පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට යොමු කෙරිණි.

මේ අතර පසුගියදා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිඛෙන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මරණය සම්බන්ධයෙන් සිද්ධකරන පරීක්ෂණ කටයුතු වලදී ඔහුගේ හිටපු පෙම්වතියකගෙන් හා ශී්‍රලංකා රතු කුරුස සංගමයේ අධ්‍යක්ෂක ජගත් අබේසිංහගෙන් මේ වන විට ප්‍රශ්න කර තිබේ.


රතු කුරුස සංගමයේ අධ්‍යක්ෂකවරයා ප්‍රශ්න කිරීම් වලට ලක්ව ඇත්තේ රතු කුරුස සංගමයට අයත් ලෑන්ඞ් රෝවර් ඩිෆෙන්ඩර් වර්ගයේ රියක් හා තාජුඩීන්ගේ මරණය අතර සම්බන්ධයක් ඇතැයි සැක මතුවීම නිසාය.
රතු කුරුස සංගමයේ අධ්‍යක්ෂක ජෙනරාල් තිස්ස අබේවික්‍රම සඳහන් කළේ පසුගිය සමයේ මෙම රථය ප්‍රභූ පවුලක සාමාජිකයෙකු ආරම්භ කර තිබූ රාජ්‍ය නොවන සංවිධානයක භාවිතයට

ලබාදී තිබුණක් බවය.වසර ගණනාවක් පුරාවට සහන සේවා සැපයීමේ ආයතනයක් ලෙස ශී්‍රලංකාවේ කි්‍රයාත්මක වන රතු කුරුස සංගමය එයට අයත් රථයක් මෙසේ ප්‍රභූ පවුලක සාමාජිකයෙකුගේ රාජ්‍ය නොවන සංවිධානයක භාවිතය ලබාදුන්නේ ඇයිදැයි යන්න පැහැදිලි නැත.

වසීම්ගේ අතුරුදන්වීම හා මෙම රථය අතර ඇති සබඳතාව හඳූනාගැනීමට අපරාධ පරීක්ෂකයින්ට හැකිව තිඛෙන්නේ අතුරුදන්වීමට ප්‍රථමයෙන් වසීම් ගොස් සිටි බව කියන හැව්ලොක් පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළදසැළක ආරක්ෂක කැමරා පට පරීක්ෂා කළ අවස්ථාවේදීය.


රතු කුරුස සංගමය ලබාදුන් අවස්ථාවේ සුදු පැහැයෙන් යුතුවූ මෙම රථය අදාළ ප්‍රභූ සාමාජිකයාගේ රාජ්‍ය නොවන සංවිධානයේ භාවිතයට ගත් සමයේ කලුපැහැ කර ඇති බවද අනාවරණය කරගැනීමටද පරීක්ෂකයින් සමත්ව ඇත.

2012 දී නිකුත්වූ අධිකරණ වෛද්‍ය නිළධාරී වාර්තාවක වසීම්ගේ හිසට පොල්ලකින් පහරදී ඇති සළකුණු තිඛෙන බවත්.ඔහුගේ දත් කිහිපයක් නොමැති බවත්,පාදයේ අස්ථී කිහිපයක්ම බිදී ගොස් ඇති බවත් සඳහන් විය.මෙම වාර්තාවට වැඩි ප්‍රසිද්ධියක් හිමිවූයේ නැත.


වාර්තාව යටගැසීමට කටයුතු කරන්නට ඇත්තේ කුමන තරාතිරමක පුද්ගලයෙකුදැයි සොයාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත. මේ අතර වසීම් තාජුඩීන් මරණය ගැන පැවති රජයේ පරීක්ෂණ කණ්ඩායම මෙහෙයවූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගෙන් මේ ගැන ප්‍රකාශයක් ලබාගන්නට නියමිත බවද වාර්තා වුණා.

දැනට හෙළිව තිඛෙන තොරතුරු අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම අගෝස්තු 17 වැනිදායින් පසුව සිදුකරන්නට නියමිත බවද වාර්තා වනවා.
 
Related Posts with Thumbnails