Ads 468x60px

.

සාක්ෂිත් රැගෙන තාජුඩීන් අද යළිත් නැගිටියි


මෝටර් රථය තුළ පිලිස්සී මියගොස් සිටි මෙරට සුප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයකු වන මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මළ සිරුර අධිකරණ නියෝගයට අනුව අද (10) පෙරවරුවේ යළිත් ගොඩ ගැනීමට නියමිතයි.

ඒ, දෙහිවල අංක 6 මුහදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ පිහිටි සුසාන භුමියේ දී. තාජුඩීන්ගේ සිරුර ගොඩ ගෙන යළි මරණ පරීක්ෂණයක් පැවැත්විය

යුතු බවට නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව මළ සිරුර ගොඩ ගැනීමට අධිකරණයේ අවසරය හිමි වුණා.

තාජුඩීන්ගේ එක්ස් රේ කාඩ්පත් කිහිපයක් අස්ථානගතව වී ඇති නිසා සහ  ඔහුගේ පහළ කය ප්‍රදේශයේ භග්නවීම් කිහිපයක් දක්නට තිබූ නිසා රජයේ නීතිඥවරයා මෙම ඉල්ලීම කරනු ලැබුවා.

දෙහිවල සුසාන භූමි ප්‍රදේශය ගල්කිස්ස මහේස්ත්‍රාත් බල ප්‍රදේශයට අයත් නිසා  ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාගේද අධීක්ෂණය යටතේ මෘත ශරීරය යළි ගොඩ ගන්නා අතර  කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රධාන විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් සහ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි අතිරේක විශේෂඥ වෛද්‍ය එස්. පී. ඒ. හේවගේ යන පිරිසකගෙන් සමන්විත මණ්ඩලය විසින් යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

දේහය ගොඩ ගැනීමෙන් අනතුරුව පවත්වනු ලබන මරණ පරීක්ෂණයේදී මේ මරණය ඝාතනයක්ද - නැත්ද යන්න මහේස්ත්‍රාත්වරයා විසින් තීරණය කිරීමට නියමිතයි.

2012 වසරේ මැයි මස 17 වැනි දා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල මහා මාර්ගයයේ මොහොමඩ් වසීම් තාජුඩීන් මියගොස් සිටි අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව දේහය මුස්ලිම් ආගමික චාරිත්‍රානුකූලව පල්ලියේ මිහිදන් කරනු ලැබුවා.

මේ මරණය සැක සහිත බවට කොළඹ 06, මුරුගන් වීදියේ අංක 20හි පදිංචි අයේෂා තාජුඩීන් විසින් රහස් පොලිසියට පැමිණිලි කළ අතර රහස් පොලිසිය  පරීක්ෂණ කටයුතු ආරම්භ කළේ ඒ අනුවයි.


තාජුඩීන්ගේ මරණය පිළිබඳව සන්ධාන රජයක්‌ යටතේත් පරීක්‍ෂණ කරනවා - මහින්ද රාජපක්‍ෂ 

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් දැනට කෙරෙන පරීක්‍ෂණ තම රජයක්‌ යටතේද ඒ ආකාරයෙන්ම සිදුකරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

කොළඹ ජායික්‌ හිල්ටන් හෝටලයේදී පෙරේදා (8) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ සිදුකර එහි සත්‍ය තොරතුරු ජනතාවට හා රටට ලබාදිය යුතු බවද රාජපක්‍ෂ මහතා පැවසීය.

මීට අවුරුදු කිහිපයකට පෙර සිදුවූ මෙම සිද්ධිය හරියට මැතිවරණ කාලයක්‌ තුළ ඉදිරියට ගැනීම සහ එම සිද්ධිය මාධ්‍ය මගින් ගොඩනගපු ආකාරය බලන විට තමා පැහැදිළි ලෙස එය දකින්නේ දේශපාලනමය වාසි ලබා ගැනීමට කරන ක්‍රියාවලියක්‌ ලෙස බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

අවුරුදු ගණනකට පෙර වූ සිද්ධියක්‌ නමුත් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ සිදු කළයුතු නම් පරීක්‍ෂණයක්‌ කිරීමේ අයිතිය තිබෙන බවත් ඊට කිසිවකුට අභියෝග කළ නොහැකි බවත් පැවසූ විමල් වීරවංශ මහතා සැකයක්‌ තිබුණේ නම් පරීක්‍ෂණ ආරම්භ කිරීමට මාස හයක්‌ වැනි කාලයක්‌ තිබූ නමුත් මෙම පරීක්‍ෂණ මැතිවරණයක්‌ වෙලාවේ ගැනීම දේශපාලන තුරුම්පුවක්‌ මිස සන්ධානයේ කරන දෙයක්‌දැයි සැකයක්‌ ඇතිවන බවත් හෙතෙම කීවේය.

රාජපක්‍ෂවරු හොරු කිව්වට එය ජනතාව පළිගන්නේ නෑ. දැන් හොරා හොරා කිව්වට වැඩක්‌ නොමැති නිසා මිනීමරුව කියන්න තමයි මේ ඡන්ද කාලේ මේ සිද්ධිය ගෙනා බවත් විමල් වීරවංශ මහතා පැවසීය.
 
Related Posts with Thumbnails