Ads 468x60px

.

ගිනිකූරක් නිසා මෙට්ටය ගිනිගෙන මව බලා සිටියදී බිළිඳෙකු පිළිස්සී මියගිය හැටි - වීඩියෝ


මෙට්ටයකට ගිනි ඇවිලී බරපතල ලෙස පිළිස්සීම නිසා මොණරාගල - බිබිල - හෙලඅරාව ප්‍රදේශයේ වයස අවුරුදු 3ක පිරිමි දරුවෙකු ඊයේ (07) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. සිතුම් පැහැසර නමැති මෙම දරුවා
එම අවස්ථාවේදී ගිනි පෙට්ටියක් ද අතැතිව මෙට්ටය මත සෙල්ලම්
කරමින් සිට ඇති අතර මව මුළුතැන්ගෙය තුළ රැදී සිට තිබෙනවා.

ටික වේලාවකින් දරුවා කෑගසනු ඇසී එම ස්ථානයට ගිය මවට දැක ගැනීමට හැකි වී ඇත්තේ දරුවා සිටි මෙට්ටය ගිනි ගන්නා බවයි.

එහිදී බරපතල පිළිස්සුම් තුවාල ලැබූ සිතුම් බිබිල මූලික රෝහලට ඇතුළත් කළත් අද ජීවිතක්ෂයට පත්වුණා. දරුවා ගිනි කූරක් ගැසීම නිසා ගින්න ඇති වූ බවටයි පොලීසිය සැක කරන්නේ.

සිද්ධිය ඇසින් දුටු මියගිය දරුවාගේ මව

‘‘අපි තුන්දෙනා නිදාගෙන හිටියේ. මං නැගිටලා කුස්සිය අස් කරන්න ගියා. පස්සේ බලනකොට පුතා නැහැ. පුතා ඇදේ ගිනි පෙට්ටියක් අතට අරගෙන. ඊට පස්සේ පුතා කෑ ගැහුවා අම්මේ කියලා. මං ගිහින් බලන කොට ගේ ගිනි ගන්නවා. මෙට්ටය. පස්සේ වතුර එකක් ගහලා මං පුතා ගත්තා.‘‘

සිද්ධිය සැලවී එම ස්ථානයට පැමිණි අසල්වැසියෙක් මේ පිළිබඳව පැහැදිලි කළ අයුරු...

පුතා පිච්චෙනවා කියලා එයා කෑ ගහනවා. මං ගෙට ගිහින් බලනකොට දුම යටින් පෙනුණා ඇස් වහගෙන හිටිගෙන ඉන්නවා ළමයා. පස්සේ කෑ ගහලා මං කිව්වා ඉක්මනට මෙයා ගන්න කියලා.

එහි හිරු වීඩියෝව පහතින්.....

 
Related Posts with Thumbnails