Ads 468x60px

.

ගණිකාවන්ට ඒඞ්ස්වලින් වැළකීමට උපදෙස්

ගණිකා සේවයේ යෙදී සිටින 4,800 ක් එච්.අයි.වී/ඒඞ්ස් වෛරසය ශරීර ගතවීමෙන් වැළකීම පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු යොදා ඇතැයි වෛද්‍ය ලිලානි රාජපක්ෂ මහත්මිය කියයි.

ඇය මේ බව පැවසුවේල ඊයේ (29) කොළඹ පදනම් ආයතනයෙහි පැවැති ගෝලීය අරමුදලෙහි ආර්- 9 එච්. අයි වී ව්‍යාපෘතිය යටතේ ගණිකා සේවයේ යෙදෙන කාන්තාවන් පිළිබඳ ජාතික මට්ටමේ වැඩසටහන අමතමිනි.


ගෝලීය අරමුදලෙහි ආධාර යටතේ ඉදිරි වසර පහක කාලය තුළදී මෙය සිදු කෙරෙන බවද ඇය මෙහිදී අවදාරණය කළාය..
මෙරට ගණිකා සේවයේ යෙදෙන්නන් 40,000 ක් පමණ සිටින බවත් ඉන් බහුතරය සිටින්නේ කොළඹ නගරයෙහි බවද ඇය මෙහිදී හෙලි කළාය.

වසරකට ගණිකා සේවයේ යෙදෙන්නන් 1,000 ක් පමණ ජාතික ලිංගාශ‍්‍රිත රෝග/ඒඞ්ස් මර්දන වැඩසටහනෙහි සායනයට පැමිණ තමන්ට එච්.අයි. වී/ඒඞ්ස් වෛරසය ශරීරගත වී ඇත්දැයි පරීක්ෂා කර ගන්නා බව වෛද්‍ය ලිලානි මහත්මිය පැවසුවාය.

එම වෛරසය ශරීරගත වූ ගණිකා සේවයේ යෙදෙන්නන්ට ගණිකා සේවයේ යෙදීම තහනම් කර ඇති වෛද්‍ය රාජපක්ෂ මහත්මිය කීවාය.

වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස, වෛද්‍ය ජී. වීරසිංහ, නියෝජ්‍ය පොලිස්පති ගාමිණී දිසානායක, ප‍්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර යන මහත්වරුන්ද මෙහිදී දේශන කළහ.
 
Related Posts with Thumbnails