Ads 468x60px

.

සෙබළෙක් දැරියක් පැහරගෙන කෙළෙසලා

මහමඟ යමින් සිටි 15 හැවිරිදි දැරියක් සුසාන භූමියකට රැගෙන ගොස් කෙළෙසූ බවට සැකපිට යුද හමුදා සෙබළෙකු මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම දැරිය සිය ඥාති සොයුරියක් සමඟ ආඳා උල්පත මාර්ගයේ ගමන් කරමින් සිටියදී සැකකාර හමුදා සෙබලා හා තවත් අයෙකු යතුරු පැදියකින් පැමිණ දැරිය පැහැරගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇත.

මොවුන් විසින් අනෙක් දැරියපැහැරගෙන යාමට උත්සාහ කර ඇති අතර, ඇය ඔවුන්ගේ ග‍්‍රහණයෙන් මිදී පලාගොස් තිබේ.
සැකකාර අනෙක් තරුණයාඅත්අඩංගුවට ගැනීම සඳහා මහියංගනය පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර, දැරිය මහියංගනය රෝහලට ඇතුල්කර ඇත.
 
Related Posts with Thumbnails