Ads 468x60px

.

පියුමි රටින් යයි

ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළියක් වන පියුමි බොතේජු ලබන අගෝස්තු 21 වැනිදා ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්වයාමට නියමිත බව වාර්තා වේ.ඇය මෙසේ ඕස්ටේ‍්‍රලියාවට යාමට නියමිතව ඇත්තේ විශේෂ ප‍්‍රසංගයක් සඳහා සහභාගිවීමට වන අතර මේ සඳහා ඇය ඇතුළු හයේ කල්ලිය සහභාගි වෙති.
අදාළ ප‍්‍රසංගය විකට නාට්‍යල නර්තනය හා ගායනය යන අංශ සියල්ල ඇතුළත් එකක් බවපැවසේ.

හයේ කල්ලියේ සෙසු සාමාජිකයන් බවට පත්ව සිටිනේ කුමාර තිරිමාදුර, අමිල අබේසේකර, සරත් චන්‍ද‍්‍රසිරි, සම්පත් තෙන්නකොන් හා ආනන්ද වික‍්‍රමගේ යන කළාකරුවෝය.

ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න්, පර්ත් හා කැන්බරා යන නගරවලදී මෙම ප‍්‍රසංගය පැවැත්වීමට නියමිත බවද පැවසේ.

පියුමි හා හයේ කල්ලිය යළි ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන ඔක්තෝබර් බවපැවසේ.
 
Related Posts with Thumbnails