Ads 468x60px

.

සන්ටෙල් මිලදී ගැනීමේ සටනෙන් ටෙලිකොම් ඉවතට, ඩයලොග්, සන්ටෙල් මිලට ගන්නා ලකුණු

 

ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රියාත්මක දුරකතන සමාගමක් වන සන්ටෙල් සමාගම මිලදී ගැනීම සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාලනය කරන වැලිබල් වන් සමාගම ඩොලර් මිලියන 28 ක් සහ ඩයලොග් සමාගම ඩොලර් මිලියන 26.5 කද ලන්සු ඉදිරිපත් කර තිබෙන බවද වාර්තා වේ.

සන්ටෙල් සමාගමේ සේවකයින් 250 දෙනෙකුට ඩයලොග් විසින් ඉදිරිපත් කර ඇති ස්වේච්ඡා විශ්‍රාම සැලසුමට අනුව ඩයලොග් ලන්සුව ඩොලර් මිලියන 31 ක් දක්වා ඉහළ නගිනු ඇති බවද පුවත් පත වැඩිදුරටත් අනාවරණය කරයි. ඒ අනුව ඩයලොග් සමාගම විසින් සන්ටෙල් මිලදී ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව කොළඹ කොටස් වෙළඳවල අරංචි මාර්ග පවසයි.

මේ අතර සන්ටෙල් දුරකතන ජාලය මිලදී ගැනීම සඳහා තවදුරටත් අදහසක් නොමැති බව අදාළ මිලදී ගැනීම සඳහා උනන්දුවක් දැක්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කොළඹ කොටස් වෙළඳපලට දන්වා තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මෙරට විශාලතම දුරකතන සමාගම වන අතර සන්ටෙල් සමාගම මිලදී ගැනීම සඳහා පැවති අදහස තමන් විසින් අගෝස්තු 24 වනදා වනවිට අත්හැර දැමූ බව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.
 
Related Posts with Thumbnails