Ads 468x60px

.

මාතලේ නගරාන්තර බස් රථවල බස් පෙම් කම්බස්

නගරාන්තර මගී ප‍්‍රවාන බස් රථවල අශෝභන ලෙස හැසුරුණු බව කියන තරුණ ජෝඩු 19 ක් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.බස් මගීන් ලෙස වෙස්වලාගත් පොලිස් නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදු කර ඇත.

උපකාරක පන්තිවලට සහභාගිවන බව පවසා මෙම තරුණ ජෝඩු ඒවා මඟහැර මාතලේ සිට මහනුවරටත්, මහනුවර සිට මාතලේටත් යමින් එමින් මෙලෙස අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්වූ තරුණ තරුණියන් නාවුල, ගලේවෙල හා බණ්ඩාරවෙල ප‍්‍රදේශවල පදිංචි අය බව හෙළිවී තිබේ.මාතලේ කොට්ඨාසය භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී තිලක් අබේසිරිවර්ධන මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර තිබේ.
 
Related Posts with Thumbnails