Ads 468x60px

.

වරකාපොළ සිසුන් 21ක් රෝහල්ගත කෙරේ

ආහාර විෂවීමක් හේතුවෙන් වරකාපොළ ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් රෝහල්ගත කර තිබේ.වරකාපොළ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය උපුල් විජේනායක පැවසුවේ, එම ළමුන් උදරාබාධය හා වමනය යන රෝග ලක්ෂණවලින් පෙළෙන බවයි.


අද (23) උදෑසන එම සිසුන්ට ලබාදුන් සුප් පානයක් මෙලෙස විසවීම හේතුවෙන් අදාළ සිසුන් රෝහල් ගත කළ බව සඳහන් කළේය. සිසුන් 15 දෙනෙකු සහ සිසුවියන් අට දෙනෙකු වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබේ. මේ වන විටත් ඔවුන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. 
 
Related Posts with Thumbnails