Ads 468x60px

.

ලොව මිල අඩුම ටච්ස්ක‍්‍රීන් ටැබ්ල්ට් පරිඝණකය ඩොලර් 35 යි - ඉන්දියාවේ එළිදක්වයි

ලොව මිල අඩුම ටච්ස්ක‍්‍රීන් ටැබ්ල්ට් පරිඝණකය ඉන්දියාවේ එළිදක්වා ඇතැයි වාර්තා වේ.රාජස්තානයේ පිහිටි ඉන්දීය තාක්‍ෂණික ආයතනය හා බි‍්‍රතාන්‍යයේ පිහිටි සමාගමක් වන ඩේටාවින්ඩ් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති ’ආකාශ්’ නම් මෙම පරිඝණකයේ මිල ඇමෙරිකානු ඩොලර් 35ක් පමණි.


මෙම  පරිඝණකය මගින් ඉන්දියාවේ ගම්මාන හා කුඩා නගර වල සිසුසිසුවියන් හට ඩිජිටල් ලොවට අවතීර්ණ වීමට අවස්ථාව සලසා දෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
නවදිල්ලියේ දී පැවති උත්සවයකදී මෙම පරිඝණකය එළිදක්වා ඇති අතර, මෙහිදී ඉන්දියාවේ මානව සම්පත් සංවර්ධන අමාත්‍ය කපිල් සීබල් විසින් මෙවැනි පරිඝණක 500ක් සිසුන් අතර බෙදාදී තිබේ.

ඉදිරියේදී මෙවැනි පරිඝණක 100,000ක් මිලදී ගැනීමට ඉන්දීය රජය අදහස් කරන බවත්, ඉදිරි වසර කිහිපය තුළදී මෙවැනි පරිඝණක මිලියන 10ක් සිසුන් අතර බෙදාහැරීමට කටයුතු කරන බවත් ඔහු පවසා ඇත.
ආකාශ් ටැබ්ල්ට් පරිඝණකය හයිද්‍රාබාද් හි පිහිටි ඩේටාවින්ඩ් කර්මාන්තශාලාවේදී සවිකරනු ලැබේ.
 
Related Posts with Thumbnails