Ads 468x60px

.

සුපිරි ගලධාරීයත් ඉවරයි..! ණය බරින් ගැලවීමට හෝටලයත් විකුණයි

අති දැවැන්ත ණය බරක ගිලී සිටින කොළඹ සුපිරි ගලධාරී හෝටලයේ ණයකරුවන්ට ඔවුන්ගේ ණය ගෙවනවා වෙනුවට කොටස් ලබාදීමේ වැඩසටහන යටතේ හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලය කොටසක මිල තීරණය කර ඇත.මේ අනුව, Galadari Hotels (Lanka) සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ ණයකරුවන්ගේ ණය ගෙවීම වෙනුවට කොටසක මිල රුපියල් 15.26 ක් වන කොටස් ණයකරුවන්ට බෙදා දීමට ගලධාරී හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වී තිබෙන බවයි.


හෝටලය අයත් මව් සමාගම වන Galadari Brothers සමාගමට ගෙවිය යුතුව තිබෙන රුපියල් බිලියන 5.75 ක් හා ජාතික රක්ෂණ භාර අරමුදලට ගෙවිය යුතු රුපියල් මිලියන 583 ක් වෙනුවෙන් මුදල් වෙනුවට කොටස් ලබාදීමට පසුගියදා Galadari Hotels (Lanka) සමාගම තීරණය කළේය.
 
Related Posts with Thumbnails