Ads 468x60px

.

මුන්නේශ්වරම් දේවාලයේ එළුවන් කොළඹ එයි ! කැලණිය ප‍්‍රදේශීය සභා සභාපති අම්බානක ගුටි කයි

පසුගියදා හලාවත මුන්නේශ්වරම් දේවාලයේ බිලිපූජාව සඳහා ගෙනවිත් තිබූ එළුවන් සහ කුකුළන් මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් අභයදානය දීමෙන් අනතුරුව එම සතුන් හලාවත පොලිසිය මගින් පොලීසිය අසල මුඩුබිමකට මුදාහැරීමෙන් පසු මර්වින් සමඟ මුන්නේශ්වරම් දේවාලයට ගිය කැලණිය ප‍්‍රදේශීය සභා සභාපති ප‍්‍රසන්න රණවීර විසින් ඔහු හා ඔහුගේ ගෝලයින් පැමිණි ලංගම බස් රථයට මුදාහරින ලද එළුවන්ගෙන් හයදෙනකු ඇමතිවරයාට හොරෙන් පටවාගෙන තිබේ. 
 
මෙසේ පටවා ගෙන කොළඹ බලා එමින් තිබූ ලංගම බස්රථය නුවරපාරේ තේ කඩයක් අසලදී තේ පානය සඳහා නතර කළ අවස්ථාවේදී කළබලයට පත් වුණු එළුවන්ගෙන් දෙදෙනෙකු බස්රථයෙන් එළියට පැන පාර පුරා දිව යන අයුරු ඉදිරි ජීප්රථයේ සිටි අමාත්‍ය මර්වින් සිල්වාගේ ඇස ගැටී තිබේ. මෙයින් විමතියට පත් අමාත්‍යවරයා ‘‘යකෝ.... මේ අර එළුවෝ නේද? මුන් කොහෙද මෙහේ?’’ කියමින් ජීප්රථයෙන් බැස ලංගම බස්රථය වෙත ගමන් කරද්දී බස්රථයේ සිටි ඉතිරි එළුවන් පිරිසද දැක තිබේ. මෙයින් මහත්සේ කෝපයට පත් වූ ඇමතිවරයා ‘‘කාලකණ්නි ........... පුතාලා මුන් මට පිනක්වත් කරගන්න දෙන්නේ නෑ’’. කියමින් අසල වූ පොලූකැබැල්ලක් රැගෙන කැලණිය ප‍්‍රදේශීය සභා සභාපතිවරයාට පහර දී ඇත. මර්වින්ගේ පහර දීමෙන් සභාපතිවරයා මේ වන විට ඇවිදගත නොහැකිව ප‍්‍රතිකාර ලබන බව වාර්තාවේ.

පසුගිය දිනවල තමන්ගේ මැරගෝලබාලයින් සමඟ මර්වින් ඇමැතිවරයා දිගින් දිගටම ගැටුම් ඇති කරගන්නේ අවුරුදු හැටහතක් පරණ තම ඇන්ජිමේ කොටස් මේ වන විට තල්ලූකර හෝ ස්ටාට් කර ගැනීමට ඇති නොහැකියාව  නිසා බව මේ පිළිබඳව කරුණු හෙළි කළ පුද්ගලයා සඳහන් කර සිටියේය.
 
Related Posts with Thumbnails