Ads 468x60px

.

රන්මිණි තැන්න කඩා හැලෙයි

නළු රවීන්‍ද‍්‍ර රන්දෙණිය හා ජනමාධ්‍ය අමාත්‍යංශ  ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල රන්මිණි තැන්නේ දෙවැනි අදියරට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 900 ක් වෙන්කර දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි  වාර්තා වේ.අදාළ ටෙලි ගම්මානයට පළමු අදියර යටතේ රුපියල් මිලියන 700 ක් වෙන් කළ අතර මේ වන විට එහි ඉදිකළ වැන්ස්ට‍්‍රා බෝඩ් පසුතල නිර්මාණ කඩා හැලෙමින් තිබෙන බව ද වාර්තා වේ.

ගනේගල හා රවින්‍ද‍්‍ර මෙම ගම්මානයේ එළිමහනේ හැදවූ පසුතල නිර්මාණ ප‍්‍රමිතියෙන් තොරවීම මෙලෙස කඩා වැටීමට හේතුවී තිබේ.

සාමාන්‍යයෙන් කල් පවතින්නට එළිමහනේ ඉදිකරණ පසුතල නිර්මාණ නිර්මාණය කරනු ලබන්නේ ෆයිබර් ග්ලාස් හා ඇස්බැස්ටෝස්වලින් වුවත් මෙම එළිමහන් පසුතල වලට වැනස්ට‍්‍රා බෝඩ් යොදා ගැනීම මෙම ගම්මානය ඉදිකර දෙවසරක් යන්නට ද පෙර එහි නිර්මාණ බිඳවැටීමට හේතුව බවද වාර්තා වේ.

කෙසේවුවද මේවා එළිමහනේ නිපදවීමට පෙර රවින්‍ද‍්‍ර කිවේ මෙම වැන්ස්ට‍්‍රා බෝඩ් නිර්මාණ නොදිරීමට විශේෂ ආලේපනයක් ගැන බවය.

එවැනි විශේෂ ආලේපනයක් මේවායේ තැවරීමට අතිවිශාල මුදලක් වියදම් කර ඇතත් ඉන් සැපයෙන්නේ පසුතලවලට වැස්සෙන් ආරක්‍ෂාවීමේ අවස්ථාව පමනක් බවද වාර්තා වේ.

වර්තමාන රාජ්‍ය කලාකරුවන් උදෙසා පරිත්‍යාග කලා යයි සැලකෙන හම්බන්තොට රන්මිණිතැන්න සිනමා ගම්මානය ප්‍රසිද්ධ කලාකරුවෙකු වන රවින්ද්‍ර රන්දෙනිය මහතාටත් තොරතුරු හා මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්.බි.ගනේගල මහතාටත් නිධානයක් වී ඇතැයි පැවසේ.
 
එළඹෙන අයවැය වෙනුවෙන් අමාත්‍යංශවලින් යවනු ලබන්නා වූ ඉල්ලීම් අතරට රන්මිනිතැන්නේ නව ඉදිකිරීම් සඳහා මිලියන 800 මුදලක් මොවුන් දෙදෙනා අපේක්ෂා කරමින් සිටින බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් සිනමා ගම්මානයක් ඉදිකිරීමේදී එහි කල්පැවැත්ම අංක 1 හි ලා සැලකේ.එම නිසාම ඇමෙරිකාවේ හොලිවුඩ් ගම්මානයත්,ඉන්දියාවේ හයිද්‍රබාද්හි පිහිටි රාමොජි සිනමා ගම්මානයත් ඉදිකිරීමේදී ඔවුන් කල් පැවැත්ම සදහා ඇස්බැස්ටෝස් සහ ෆයිබර් භාවිත කොට ඇත.නමුත් ලංකාවේ රන්මිණිතැන්න ඉදිකිරීමේදී රවින්ද්‍ර රන්දෙනිය සහ ගනේගල යන වෙළඳ මහතුන් දෙදෙනා මුදල් යටිමඩි ගසා ගැනීමේ අරමුණින් එම්.ඩී.එෆ්. බෝඩ් යොදාගෙන ඇති බව ආරංචි වේ.
 
මේ දක්වා මෙහි පටිගත කොට ඇත්තේ ටෙලිනාට්‍ය 3,චිත්‍රපට 3 හා වෙළඳ දැන්වීම් 2 ක් පමණි.මේ හැරුණු කොට බාල මට්ටමේ මියුසික් වීඩියෝ නිෂ්පාදකයින්ට පමණක් මෙය සීමා වී ඇති බව පැවසේ.
රජතුමාගේ සිත් සතුටුකිරීමේ මුවාවෙන් මොවුන් දිගින් දිගටම රන්මිණිතැන්න තමන්ගේ ජීවිත ගොඩගන්න තැනක් බවට පත්කොටගෙන ඇත.මේ නිසාම කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙන දැන් රන්මිණිතැන්න හදුන්වන්නේ "රවින්ද්‍ර ගොඩවුණු තැන්න" කියා යැයි ආරංචි වේ.
 
Related Posts with Thumbnails